ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුකරන දේශපාලන කටයුතු වහාම අත්හිටුවිය යුතු බව දැනුම් දෙමින් අද (28) දිනයේදී මැතිවරණ කොමිසම විසින් සියලුම ආණ්ඩුකාරවරුන්ට ලිපියක් යොමු කර තිබේ.
ආණ්ඩුකාරවරුන් යම් යම් අපේක්ෂකයන්ට වාසි සහගත වන අයුරින් දේශපාලන කටයුතුවල නියැලෙන බවට දිගින් දිගට ලද පැමිණිලි මුල් කරගෙන මෙම ලිපිය යොමු කිරීමට කොමිසම කටයුතු කොට ඇත.
කෙසේවෙතත් මීට නීතිමය පසුබිම පහදමින් කොමිසම වෙත පිළිතුරු ලිපියක් යැවීමට ආණ්ඩුකාරවරුන් දැනටමත් තීන්දු කර ඇති බවද වාර්තා වේ.