ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන්, පසුගියදා පැවැත්වුණු 2019 NCE අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේදී, සෙරමික් හා පෝසිලේන් කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත අංශයේ ජයග්‍රාහකයාට හිමි රන් සම්මානය දිනා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය විසින් පිරිනමන ලද මෙම සම්මානය, සමාගම සතියක කාලයක් තුළදී ජයග්‍රහණය කරන ලද දෙවැනි ප්‍රමුඛ පෙළේ සම්මානයයි. මීට පෙර සතියේ පැවති 2018/19 ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී සෙරමික් හා පෝසිලේන් පදනම් කරගත් නිෂ්පාදිත කාණ්ඩයේ හොඳම අපනයනකරුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමටද දංකොටුව පෝසිලේන් සමාගමට හැකිවිය.