සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව තම රුවන්වැල්ල ශාඛාව පුළුල් ඉඩපහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට 2021 සැප්තැම්බර් 21 දින කටයුතු කළේය.
ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලද අතර, නව ශාඛාව අංක 52, කෑගල්ල පාර, රුවන්වැල්ල යන ස්ථානයේ පිහිටා තිබේ.
මෙම නව ශාඛාව නගර මධ්‍යයේ පිහිටා ඇති නිසා ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් එහි පැමිණ බැංකු සහ ATM සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
සාමාන්‍ය රාජකාරී වේලාවන් තුළ ශාඛාව විවෘතව පවතින අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිසි පරිදි සපුරාලීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් එම ශාඛාව සතුව පවතී.











