• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමන් දෙවිඳුන්ට දේවාලයක් හදපු කවුද මේ ආයර්කාමදේව…

October 17, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
සමන් දෙවිඳුන්ට දේවාලයක් හදපු කවුද මේ ආයර්කාමදේව…
Share on WhatsAppShare on Facebook

ක්‍රි.ව. 1228න් පසුව ඇරැඹි දෙවැනි පරාක්‍රමබාහු රාජ සමයේ රජුට සිය භාණ්ඩාගාරය තරකර රට ස්වයංපෝෂිත කරවීමේ මහත් අවශ්‍යතාවක් ඇතිවිය. හේ තෙමේ ඒ සඳහා අදහස් විමසනු වස් සිය ප්‍රධාන අමාත්‍යවරයා වූ ආයර්කාමදේව කැඳෙව්වේ ඔහු ආර්ථිකය පිළිබඳවත්, ධනෝපායන මාර්ග පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් මනා අවබෝධයක් සහ දැනීමක් ඇත්තකු බව දැන සිටි හෙයිනි. තමා හමුවීමට පැමිණි ආයර්කාමදේවට රජු සිය අරමුණ පැවැසුවේ ඊට ක්‍රම ශිල්පද විමසමිනි. රත්නපුර ප්‍රදේශයේ ඇති මැණික් ඉල්ලම් පාදාගෙන භාණ්ඩාගාරය තරකිරීම සුදුසු යැයි ප්‍රධාන අමාත්‍යවරයාගේ යෝජනාව වූයෙන් දෙවැනි පරාක්‍රමබාහු රජු ඊට සිය කැමැත්ත පළ කළේ සුදුස්සක් මිස නුසුදුස්සකට සිය ප්‍රධාන අමාත්‍යවරයා අත නොගසන බව දන්නා හෙයිනි. රජු වැඩි දුර නොවිමසාම ඊට කැමැත්ත පළ කළේය.

රජුගෙන් අවසර ලද ආයර්කාමදේව අමාත්‍යවරයා මැණික් ගැරීමේ කටයුතු සඳහා අවශ්‍ය පිරිසක් රැගෙන රත්නපුර ප්‍රදේශයට ගියේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් සිතේ මුදුන් පමුනුවාගනිමිනි.

රත්නපුරට පැමිණි පිරිස එම ප්‍රදේශයේ සුදුසු ස්ථානයක් සොයා කඳවුරු බැඳ මැණික් ගැරීමේ කටයුතු ආරම්භ කළහ. එහෙත් නොසිතූ ආකාරයේ කරදර බාධක කම්කටොලු පැමිණ ඔවුන්ගේ අරමුණු දිනෙන් දින පසුපසට ඇදී යන්නට වූයෙන් ආයර්කාමදේව අමාත්‍යවරයා මේ බව තමන් දන්නා කියන බුද්ධිමතුන්ගෙන් විමසීමට කටයුතු කළේය.

සමන් දෙවියන්ගේ අඩවියට පැමිණ හිතුමගේ භූමි සම්පත් ලබා නොගත හැකි බවත්, එසේ ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සමන් දෙවියන්ට විශේෂ භාරයක් විය යුතු බවටත් ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ආයර්කාමදේව අමාත්‍යවරයා, භාණ්ඩාගාරය තරකර ජනතාවට සේවය කිරීම උදෙසා රත්නපුරේ මැණික් ඉල්ලම් ලබාගන්නට තමන්ට අවස්ථාව සපයා දෙන ලෙසත්, ස්වභාවික විපත් කරදර වළකා ආරක්ෂාව සපයා දෙන ලෙසත් ඉල්ලා සමන් දෙවියන්ට භාරවීමට කටයුතු කළේය.

එතැන් පටන් කිසිදු අභියෝගයක් නොමැතිව තම සිතැඟි පරිදි මැණික් ඉල්ලම් පාදාගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය උපරිම ලෙස තර කරගන්නට අවශ්‍ය පහසුකම් සපයාගෙන තිබේ.

සිය ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම රාජකාරිය පිළිබඳ මහත් සතුටට පත් රජු, ඔහුට ඒ වෙනුවෙන් ස්තුති කළ අතර අවශ්‍ය ඕනෑම කටයුත්තක් සඳහා ඉල්ලීමක් කරන්නටද අවස්ථාව ලබාදී තිබේ.

රජුගේ අවසරය මත ආයර්කාමදේව අමාත්‍යවරයාගේ ඉල්ලීම වී ඇත්තේ සමරගමුව විහාරය පිහිටි ස්ථානයේ සමන් දෙවියන් උදෙසා දේවාලයක් ඉදිකිරීමට අවසර දෙන ලෙසයි. අමාත්‍යවරයාගේ ඉල්ලීම සතුටින් පිළිගත් රජු, ඊට අවසර ලබාදී ඇති අතර ආයර්කාමදේව අමාත්‍යවරයා ඉතා උසස් ලෙස එවකට පැවැති උපරිම ගරු බුහුමන් සහිතව එම ස්ථානයේ සමන් දේවාලය ඉදිකර ශ්‍රීපාද මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ මෙම නව දේවාලයට වැඩමකර තැන්පත් කරවා තිබේ.

එතැන් පටන් සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙසත්, බෞද්ධ පුදබිමක් ලෙසත් ගෞරවනීය ලෙස වැඳුම් පිදුම් ලබන මේ පුදබිම විවිධ කාල වකවානුවල නොයෙක් ආපදාවන්ට ලක්වෙමින් අද දක්වාම පැවැත එයි.

පළමුවැනි රාජසිංහ රජ සමයේදීද පෘතුගීසින් සමග පැවැති සටනේ ජය පතා සමන් දෙවියන්ට භාරහාර වී තිබේ. එම සටනින් ජයගත් රජු, සමන් දෙවියන් කෙරෙහි අතිකරගත් මහත් භක්තියෙන් යුතුව සමන් දේවාල සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම එවකට දෙල්ගමු විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ සමන් දේවාලයට වැඩමකොට උත්කර්ෂවත් අන්දමින් දළදා පෙරහැර පවත්වා ඇත. එම පෙරහැර පළමුවැනි රාජසිංහ රජු විසින් එකොළොස් වතාවක් පැවැත්වූ බවත් වංශකතාවල සඳහන් වේ. පසුකාලීනව මහනුවර ඇසළ පෙරහැර සඳහා මුල් වූයේද මේ දළදා පෙරහැරම බව සඳහන් වේ.

එතෙක් මෙතෙක් කාලය තුළ බෞද්ධ හෝ බෞද්ධ නොවන සියලු දෙනාට අසීමිතව පිහිට ආරක්ෂාව සපයන සමන් දෙවියන් වැඳීමට පිදීමට බැතිමතුන්ට මහඟු අවස්ථාවක් ලබාදෙමින් රත්නපුර මහ සමන් දේවාලය අදටත් වන්දනීය පූජා භූමියක් ලෙස පැවැත එන අතර අනාගතයටද ප්‍රයෝජනවත් වන අයුරින් එදා ආයර්කාමදේව අමාත්‍යවරයා කරවූ විශිෂ්ට නිර්මාණය කාගෙත් පැසසුමට ලක්විය යුතුය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජයසුමනගේ කමිටුව ජයසුමනටම බෙදයි! ඖෂධ අධිකාරියත් අතට ගන්න යෝජනා කරයි!

Next Post

සෙලාන් බැංකුවේ රුවන්වැල්ල ශාඛාව නව ස්ථානයක…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.