COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව සෙලාන් බැංකුව හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වය හමුවේ රට නැවත විවෘත කිරීමත් සමග මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග සැලකිල්ලට ගනිමින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට එම අභියෝග ජයගැනීමට රුකුලක් ලබාදීමට සෙලාන් බැංකුව සැලසුම් කර ඇත.
මේ යටතේ, ලංකා වාණිජ මණ්ඩලය සමග අත්වැල් බැඳගනිමින්, එම මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය හරහා පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාර සංවර්ධන සේවාවන් එකතුවක් පිරිනැමීමට සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ. මේ ඔස්සේ, අලුතින් ආරම්භ කරන ලද ව්‍යාපාරවලටත්, දැනටමත් සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන් වන ව්‍යාපාරවලටත් ලංකා වාණිජ මණ්ඩලය සමග සම්බන්ධ වී, තම ව්‍යාපාරවලට අදාළ ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම සෙලාන් බැංකුවේ දායකත්වය හේතුවෙන් ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානයට තම ව්‍යාපාර සංවර්ධන සේවාවන් වැඩි ප්‍රතිලාභීන් පිරිසක් වෙත සමීප කරවීමට හැකියාව ලැබෙනු ඇති අතර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන සීමාවන්, අභියෝගයන් සහ ගැටලු සම්බන්ධයෙන් ඵලදායී සංවාදයක් නිර්මාණය කිරීමටද අවස්ථාව ලැබෙනු නිසැකය.











