සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දර්ශනීය ‘හදගැස්ම’ සංගීත සංදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස එක්වී සිටී. වතුපිටිවල රෝහලට ඔක්සිජන් ඒකකයක් මිලදීගැනීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කරන ලදී. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ ප්‍රජා සත්කාරයන් රැසකට දායක වූ සෙලාන් බැංකුව, මෙම මෙහෙවර සඳහාද තම දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය.
‘හදගැස්ම’ සංගීත ප්‍රසංගය, පටිගත කරන ලද වැඩසටහනක් වශයෙන් ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය විය.
මීට අමතරව, ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සංගීත ළෝලීන් වෙනුවෙන් එය Aus News Channel ඔස්සේද විකාශය කරන ලදී.
භාතිය හා සන්තුෂ්, සංඛ දිනෙත්, ශෂිකා නිසංසලා, සහ සංගීත් ඉද්දමල්ගොඩ ඇතුළු තරු රැසක් මෙම සංගීත ප්‍රසංගය රසගැන්වීමට එක්වූහ.











