• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Sapphire Residences – ශ්‍රී ලංකාවේ අතිසුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම මාධ්‍ය සඳහා විවර වූ වගය! Sri Lanka Latest News

December 3, 2025
in Business
Reading Time: 8 mins read
A A
Sapphire Residences – ශ්‍රී ලංකාවේ අතිසුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම මාධ්‍ය සඳහා විවර වූ වගය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස අතරට අලුතින්ම එක්වන විස්මිත ඉදිකිරීමක් වූ Sapphire Residences හි විශේෂ නැරඹුම් චාරිකාවක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වෙනුවෙන් පසුගියදා සූදානම් කර තිබිණ. සුන්දර ගාලු මුවදොර පරිශ්‍රයට මුහුණලා පිහිටා ඇති මෙම දැවැන්ත ගොඩනැඟිල්ල, මෙරට අති සුඛෝ පභෝගී තට්ටු නිවාස ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹීමට සමත් ව්‍යාපෘතියක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එමෙන්ම, සුඛෝපභෝගී තට්ටු නිවාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන ගමනාන්තයක් ලෙස සලකුණු කරන්නට ද මෙම නව ඉදිකිරීම හේතුවී ඇත.Sri Lanka Latest News

ITC Hotels Limited පූර්ණ අනුබද්ධිත ආයතනයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් දිනූ ITC සමූහයට අයත් සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. Sapphire Residences යනු තිරසර බව ඉලක්ක කරගත් විධිමත් සැලසුමක් අනුව නිර්මාණය වූ, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ අතිසුඛෝපභෝගී ජීවන රටාව එකට අත්විඳිය හැකි අසමසම මහල් නිවාස අත්දැකීමකි.

මුහුදු තීරය සහ බේරේ වැව අතර පිහිටා ඇති මෙම ගොඩනැඟිල්ල, ත්‍රිකෝණාකාර හැඩයෙන් නිර්මාණය වී තිබීම මෙහි බාහිර පෙනුම සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම විශේ ෂත්වයයි. උතුරු සහ දකුණු පැති සාගරය දෙසටත්, නැගෙනහිර පස වැව සහ නගරය දෙසටත් මුහුණලා ඇති අයුරින් ඉදිවී ඇති නිසා ගොඩනැඟිල්ලේ සිට පෙනෙන සෑම අන්තයක්ම ඉතා මනස්කාන්ත දසුනක් මවන්නට සමත්ය. මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ සැලසුම සහ ඉදිකිරීම් සංකල්පය නිර්මාණය සඳහා WelcomHotels Lanka සමඟ Gensler (එක්සත් ජනපදය) ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ආයතන කිහිපයක් සම්බන්ධ විය. කීර්තිමත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන සුරත් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ අතර, YOO Inspired by Philippe Starck (එක්සත් රාජධානිය) ඇතුළු ගෘහ අලංකරණ ශිල්පීන්, Thornton Tomasetti (එක්සත් ජනපදය) හි ව්‍යුහ ඉංජිනේරුවන්, Burega Farnell (සිංගප්පූරුව), පාලන අවදානම් පිළිබඳ ආරක්ෂක උපදේශකවරුන් සහ ප්‍රමුඛ පෙ ළේ ජාත්‍යන්තර සැලසුම් සහ තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැසක් ද මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූහ.

මෙහි අලෙ විකරණ කටයුතු Sotheby’s International Realty සමඟ හවුල්කාරිත්වයෙ න් සිදුකෙරුණු අතර, මෙම අතිසුඛෝ පභෝගී මහල් නිවාස සංකීර්ණයේ විශේෂ මාධ්‍ය චාරිකාවක් සඳහා පසුගියදා අවස්ථාව විවර වී තිබුණි. දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂී බිම්කඩක පිහිටි Sapphire Residences හි නවීන පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ ජීවන රටාව පිළිබඳ අගනා අත්දැකීමක් පිරිනමන්නට මෙම මාධ්‍ය සංචාරය ඉවහල් විය.

Sapphire තට්ටු නිවාස සංකීර්ණය uber සුඛෝපභෝගී නිවාස 132කින් සමන්විත වන අතර, ‘Sky Mansion’ හෙවත් ‘අහස් මන්දිර’ යන තේමාව යටතේ නිර්මාණය වූ මෙම සෑම නිවසක්ම සුඛෝපභෝගී බව, සුවපහසුව සහ පෞද්ගලිකත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමුකරමින් සැලසුම් කර ඇත. ගෙබිම සිට සිවිලිම දක්වා සාමාන්‍ය උස මීටර් 4ක් සහ වර්ග අඩි 5,500ක පමණ සාමාන්‍ය වපසරියක් එක් නිවසකට අයත් වේ. සාගරයත්, වැවත්, අගනුවර අහසත් යන මනරම් දර්ශන තල තුනකට මැදි වූ Sky Mansions අවකාශය නාගරික තදබදයෙ න් මිදුණු, සන්සුන් ජීවන අත්දැකීමකට ඉඩ සලසන ඉදිකිරීමකි. එමෙන්ම, නවීනත්වය, විවෘත බව හා වාතාශ්‍රය පිළිබඳව ද මනා අවබෝ ධයකින් යුතුව මෙම නිවාස සංකීර්ණය සැලසුම් කොට තිබීම විශේ ෂත්වයකි.

Sapphire පදිංචිකරුවන් සඳහාම විශේෂිත සමාජ ශාලාවක්, පිහිනුම් තටාක, ශරීර සුවතා කලාප, විනෝ දාස්වාදය සඳහා ස්ථාන, ගෘහස්ථ ස්කොෂ් පිටියක්, බහුකාර්ය පිටියක් මෙන්ම ළමුන් සහ තරුණ පිරිස් සඳහා වෙන්වූ විශේෂ ඉඩකඩ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සුවතා සහ ජීවන රටා පහසුකම් රැසක් ද භුක්ති විඳීමේ අවස්ථාව ඇත. යාබදව පිහිටා ඇති ITC රත්නදීප සුඛෝපභෝගී හෝටලය සමඟ ඒකාබද්ධ වී තිබීම හේතුවෙ න් තරු පහේ ආගන්තුක සත්කාර සහ ජාත්‍යන්තර මට්ටමේ ආහාරපාන අත්දැකීමක් විඳගැනීමට ද පදිංචිකරුවන්ට අවස්ථාව සැලසී තිබේ .

Sapphire Residences සඳහා ලොව පිළිගත් LEED ප්ලැටිනම් සහතිකය හිමිවී තිබීම තුළින් පෙනී යන්නේ, සුඛෝපභෝගී බව සඳහා ITC සමූහයේ ඇති වගකීම් සහගත පුරෝගාමී දැක්මයි. බලශක්ති කාර්යක්ෂමතාව සහ ජල සංරක්ෂණයේ සිට තිරසර ද්‍රව්‍ය භාවිතය දක්වා, ලොව උසස්ම තිරසර සංකල්ප භාවිත කරමින්, සුඛෝපභෝගී ජීවන රටාව සමඟ ඒවා ඒකාබද්ධ කරන්නට මෙම ව්‍යාපෘතිය සමත්ව ඇත. සෑම අහස් මන්දිරයක්ම උසස්ම ස්වයංක්‍රීය විශේෂාගවලින් සමන්විත වන අතර, මෙහි පදිංචිකරුවන්ට අවශ්‍ය අයුරින් ආලෝ කය, උෂ්ණත්වය සහ අනෙ කුත් සාධක පහසුවෙ න් කළමනාකරණය කිරීමට හැකි අයුරින් නිර්මාණය වී ඇත්තේ සුවපහසුව, ආරක්ෂාව සහ බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ සැලකිල්ල තවදුරටත් ඉහළ නංවමිනි.

“Sapphire Residences යනු රටේ සංවර්ධනයේ සන්ධිස්ථානයක් මෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ විශ්වසනීය සලකුණක් ලෙසත් හඳුන්වා දෙ න්නට පුළුවන්. ITC සමූහයේ සුඛෝපභෝගී බව පිළිබඳ වගකීම් සහගත දැක්ම සමඟ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් ඒකාබද්ධ කරමින්, දකුණු ආසියාවේ තිරසර මෙන්ම අධි සුඛෝ පභෝ ගී ජීවන රටාවක්
සඳහා නව මිණුම් ලකුණක් හඳුන්වා දීමට ලැබීම ගැන අප ඉතාමත් ආඩම්බර වනවා. මෙ ම ඉදිකිරීම ගෘහ නිර්මාණ ශිල්පය අතින් ද කැපී පෙනෙන ව්‍යාපෘතියක්. එමෙ න්ම මෙය, පාරිසරික වශයෙන් තිරසර නිර්මාණ ඉදිකිරීමේ අපගේ දැක්ම මැනවින් පිළිබිඹු කරන නිදසුනක්.” යනුවෙ න් WelcomHotels Lanka (Private) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ
Subi George මහතා පැවසීය.

“Sapphire Residences යනු කොළඹ නගර මධ්‍යයේ , ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ජීවන රටාවක් අත්විඳීමට ඉඩ සලසන දුර්ලභ ගණයේ අත්දැකීමක් ලෙ ස හඳුන්වා දීමට පුළුවන්. සෑම Sky Mansion එකක්ම ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත්තේ පෞද්ගලිකත්වය, ඉඩකඩ සහ මනස්කාන්ත දසුන් අත්විඳීමේ අවකාශය මෙන්ම ඉහළම සුවපහසුකම් සහිත තරු පහේ ආගන්තුක සත්කාර සඳහා පහසුවෙන් පිවිසීමේ අවස්ථාවද සමඟයි. අනාගතයට ගැලපෙන නවීන පන්නයේ නිවහනක් සොයන බුද්ධිමත් ගැනුම්කරුවන් වෙත මෙම විශිෂ්ට නිමැවුම දායාද කරන්නට ලැබීම ගැන Sotheby’s International Realty ලෙස, අප ඉතාමත් සතුටට පත්වෙ නවා.” යනුවෙ න් Sotheby’s International Realty ශ්‍රී ලංකා හි ප්‍රධාන විකුණුම් සහ අලෙවිකරණ නිලධාරී නෙලුකා ද අල්විස් මෙනවිය පැවසුවාය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නොවැම්බර් 11 මුල්ම අනතුරු ඇඟවීම කළා! BBC එක කෙළින්ම කිව්වා මිලිමීටර් 500 පන්නලා වහිනවා කියලා! එහෙම තියෙද්දිත් විනාශය අවම කරගන්න බැරි වුණේ ඇයි? වගකීම පැහැර හැරියේ කව්ද? විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ සොල්දාදුවොද රණවිරුවොද? අද ඉදන්වත් මේ වීරයන්ට රණවිරුවන් කියලා කියමු! සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි! ජනතාවට සහන සැලසූ සියලු රාජ්‍ය නිලධාරීන්ට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.