පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම පිළිබඳ ඇති වගකීමට මූලිකත්වය දෙමින් මෙම ලොක්ඩවුන් කාල සීමාව තුළ දී තමන්ගේ ඕනෑම Samsung නිෂ්පාදනයක වගකීම් කාලය අවසන්වන පාරිභෝගිකයන්ගේ එම වගකීම් කාලය මාසයකට දීර්ඝ කිරීමට Samsung Sri Lanka කටයුතු කරයි. Samsung නිෂ්පාදන භාවිත කිරීම නිසා පාරිභෝගිකයන්ට කිසිදු අපහසුතාවයක් ඇති නොවීම සහතික කිරීමට සහ තමන් සහ තමන්ගේ ආදරණීයයන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන අවධානය යොමුකරමින් දුරස්ථීකරණ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යෑමට පාරිභෝගිකයන්ට සහය වීම උදෙසා මෙම පියවර ගැනීමට Samsung Sri Lanka මූලිකත්වය ගත්තේය.
මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී ඔබේ නිවසටම වී කාලය ගත කරන ලෙසත්, එසේම ඔබේ ඕනෑම විමසීමක් සඳහා 011 7267864 ක්ෂණික ඇමතුම් අංකයෙන් අපව සම්බන්ධ කරගැනීමට පසුබට නොවන ලෙසත් Samsung Sri Lanka කාරුණිකව ඉල්ලා සිටියි.











