කොරෝනා ආසාදිතයන් පොකුරු පිටින් හමුවන තත්ත්වයක් යටතේ වයිරසය පාලනය කරනවාට වඩා මැතිවරණ පැවැත්වීම කෙරෙහි උනන්දු වීම තුළ බල උමතුවක පෙරනිමිති පහළ කොට ඇති බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ පවත්නා දැඩි ව්‍යාකූල තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීම සමස්ත ජනජීවිතය සහමුලින්ම බියකරු අවදානමකට ඇද දැමීමක් බවකි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.












