• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව අල්ල ගත් කොරෝනා කොටි වලිගේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 25, 2020
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ආණ්ඩුව අල්ල ගත් කොරෝනා කොටි වලිගේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Sri Lankan prime minister Mahinda Rajapaksa arrives at the ceremonial inauguration of the fourth session of the Eighth Parliament in Colombo, Sri Lanka. Friday, January 3 2020. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

Share on WhatsAppShare on Facebook

1993 අප්‍රේල් 13 රණසිංහ ප්‍රේමදාසට සුවිශේෂී දිනයක් විය. ඔහු දඹදිව බුද්ධගයාවට ගියේ ඒ අවට පදිංචි කුල හීන ජනයා සඳහා නිවාස 100ක් තනා එහි යතුරු භාරදීමටය. ප්‍රේමදාසගේ ප්‍රචාරක මෙහෙයුම්කරුවන් එය හැඳින්වූයේ ප්‍රේමදාසගේ ගම්උදාව ඉන්දියාවට ව්‍යාප්ත කිරීමක් ලෙසය. ප්‍රේමදාස එහි ගම්උදාවක් හැදුවා පමණක් නොව දඹදිව පූජනීය ස්ථාන වැඩිදියුණු කිරීම්ද කළේය. ඉන් වසර 20කට පසු 2013 ඉන්දියා ටුඬේ සඟරාව එම ගම්උදාව ගැන ලිපියක් පළ කළේය.

“ප්‍රේමදාස කියන්නේ අපට දෙවියෙක්. ඔහු අපිව නරකාදියෙන් මුදවා ගත්තා…”

මේ ප්‍රේමදාසගේ බුද්ධගයා ගම්උදාවේ පදිංචි කයිලාජ් මන්ජිත් ඉන්දියා ටුඬේ සඟරාවට කී කතාවය.

“රණසිංහ ප්‍රේමදාස දැඩි බෞද්ධ බැතිමතෙකි. ඔහු ගෞතම බුදුන් බුද්ධත්වය ලබපු භූමිය අවට ජීවත්වන මිනිසුන්ගේ නරකාදිය දැක එය වෙනස් කරන්න නිවාස 100ක ගම්උදාවක් හැදුවේය…”

ඉන්දියා ටුඬේ
21-03-2013

ප්‍රේමදාස වගේම මහින්දත් දැඩි බෞද්ධ බැතිමතෙකි. කොරෝනා වෛරසය ලංකාවට පයගහපු විට ලංකාවට එන සියලු ගුවන් යානා නතර කරනු ලැබීය. ඒත් මහින්ද දඹදිව වන්දනාවේ ගොස් සිටි අයව ලංකාවට ගෙන ඒමට විශේෂ ගුවන් යානාවක් පිටත් කර හැරියේය. හැබැයි කොරෝනා ජය ගෙන මහ ඡන්දයට ගොස් තුනෙන් දෙකක බලයක් දිනා ගැනීමේ මහින්දගේ මැතිවරණ සිතියම එම ගුවන් යානාවේ ආ කාන්තාවක් වෙනස් කරනු ඇතැයි මහින්ද හීනෙන්වත් නොසිතන්න ඇත. අනෙක ඒ කාන්තාව ප්‍රේමදාසගේ උපන් ගම වූ කෙසෙල්වත්තේය. මහින්දගේ මහ මැතිවරණ ඡන්ද සටනේ ප්‍රතිවාදියා රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාසය. කොරෝනා හේතුකොට මහ මැතිවරණය කල් දමන්න යැයි ඔහු දිගින් දිගටම කීවත් මහින්ද නිවේදනයකින් ඔහුව උපහාසයට ලක්කර තිබිණි.
“මිනිසුන් හදන සැලැසුම් දෙවියන් වෙනස් කරනවා”
මේ ජේ.ආර්. නිතර කියපු කතාවක් බව ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ හිටපු ප්‍රධානී මාපිටිගම මාධ්‍යවේදියෙක්ට කියා තිබිණි. මේ කතාව මතක් වුණේ කොරෝනාව ඡන්ද දිනන මන්තරේ කරගන්න ගිය ආණ්ඩුවට පසුගිය සති අන්තයේ නූල් බඳින්න සිද්ධ වුණ හැටි දකිනකොටය.
කොරෝනා ආසාදිත චීන කාන්තාවක් හමුවූ විට ආණ්ඩුව පළමුව බැලුවේ කොරෝනාව හරහා චීනය දපනේ දමාගන්නටය. කොරෝනා ආසාදිත චීන කාන්තාව සිප වැලඳගෙන චීනය තනි නොකළ යුතු බවට නිවේදන නිකුත් කරමින් ආණ්ඩුව චීනයට ගෙවිය යුතු ණය කල්දමා ගන්න උත්සාහ ගත්තේය. එහෙත් කොරෝනා රෝගය වැලඳුණු ලාංකිකයන් හමුවූ විට ආණ්ඩුව කොරෝනාව මර්දනය කරල ඡන්දය දිනන ක්‍රමයක් ගැන සැලැසුම් කළේය. චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වූහාන් ප්‍රාන්තයෙන් ගෙන ඒම වැනි මාධ්‍ය සංදර්ශනවලින් ආණ්ඩුව මිනිසුන් ආකර්ෂණය කරගන්න බැලුවේය. කොරෝනා ආසාදිතයන් ලංකාව තුළ එකා දෙන්නා වැඩි වෙද්දී ආණ්ඩුව ගණන් හැදුවේ ලංකාව තුළ ආසාදිතයන් සුළු ප්‍රමාණයක් සිටිය හැකි බවත්, ඒත් ඇඳිරි නීතිය දමල මාධ්‍ය හරහා මිනිසුන් බය කරලා කොරෝනාවෙන් ලංකාව බේරා ගත්තේ අපියි කියල ඡන්දයට යන්නටය. ඡන්දයත් කල් දමලා ආණ්ඩුව මාධ්‍ය හරහා කොරෝනා මර්දනය කරන සංදර්ශන පැවැත්වූයේ මැයි 23 හෝ 28 ප්‍රභාකරන්ගෙන් උතුර, නැඟෙනහිර මුදවා ගත්තා සේ කොරෝනාවෙන් ලංකාව මුදවාගෙන ඡන්දයට යන්නටය. මේ නිසාම ආණ්ඩුව කොරෝනා
රෝගීන්ව පෙන්නුවේත්, ඔවුන් පසුපස හඹා ගියේත් එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්ය. මුස්ලිම්වරුන් ඔක්කොම සහරාන්ලා කියල සිංහල මිනිස්සු බය කරල 2019 ජනාධිපතිවරණය දින්න ආණ්ඩුව කොරෝනා ආසාදිත මුස්ලිම්වරු සහරාන්ලා කරලා මාධ්‍යවලින් පෙන්වීය. “නුඹලාට අවුරුද්ද කන්න බැරි මුන් නිසා. මුන් එක්ක ඉන්න විපක්ෂයට ඡන්දය දෙන්න එපා” යැයි කීවේය.
ආණ්ඩුව හිඟන්නන්ව නාවන හැටි, ඇඳිරි නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගත්ත හැටි, කොරෝනා ආසාදිතයන්ගේ නිවෙස්වලට පනින හැටි, ඔවුන්ව නිරෝධායනයට යවන හැටි මාධ්‍ය පෙන්නුවේ චිත්‍රපටයක් පෙන්වනවා වගේය. නැතිනම් 2009 යුද්ධය වේලාවේ හමුදාව උතුරේ කොටි බලකොටු අල්ලාගෙන ඉදිරියට යන විදිහටය. වගුවලින් කොරෝනා ආසාදිතයන් බහින හැටිත්, කොරෝනා මර්දන ලෝක නායක ලැයිස්තුවේ ලංකාව උඩට එන හැටිත් මාධ්‍ය පෙන්නුවේ රස කරමින්ය.
“19 වෙනකොට කොරෝනා ඉවරයි”
සෞඛ්‍ය ඇමැතිනිය කීවාය.
“19, 20 වෙනකොට සුබ ආරංචියක් දෙන්න පුළුවන්”
කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානීහු කීහ. ඇඳිරි නීතිය ඉවත් කරන නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය සති අන්තයේය. එදින රාත්‍රියේ ටී.වී. එකේ නිවුස් බලල මිනිස්සු ප්‍රීතිඝෝෂා නැඟූහ. සමහරු සාද දැමූහ.
“හොඳට බලන්න ජනාධිපතිවරණය දිනල රටේ මුකුත් ලොකු දෙයක් වුණේ නැති නිසා ආණ්ඩුව ටිකක් වැටිලා හිටියේ. කොරෝනාව නිසා ආණ්ඩුවට තුනෙන් දෙක ගන්න බැරි වුණත් ඒ ආසන්නයට දිනනවා…”
මේ ලංකාවේ දේශපාලන විචාරකයන් කී කතාය.
“දැන් ඡන්දයට ලෑස්ති වෙන්න”
ආණ්ඩුව මැතිවරණ කොමිසමට නොනිල මට්ටමින් කියන්න ඇත.
පැය 24කින් සියල්ල වෙනස් විය. කොරෝනා ආසාදිතයන් නඟින්න පටන් ගත්තේය. මැයි 23 හෝ 28 ඡන්ද තියන්න ගිය මැතිවරණ කොමිසම අන්දමන්ද විය. මැතිවරණ ඕනෑ යැයි කෑගහපු විපක්ෂය මැතිවරණ එපා යැයි කියන්නේ කොරෝනා නිසා නොව පරදිනවාට බයේ යැයි කෑමොර දුන් පොහොට්ටු මැති ඇමැතිවරු අපි නම් මැතිවරණ ඉල්ලුවේ නැහැයි කියා අකුළාගත්හ.
“අපි නම් කියන්නේ නැහැ මැතිවරණ තියන්න කියල…”
මේ කොරෝනා ආසාදිතයන් නඟින විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කී කතාවය. ඔවුන් පදය වෙනස් කළේ මහ මැතිවරණයට එරෙහිව මහජන මතයක් හැදෙන බව දැනගෙනය. කොරෝනා මර්දනය කරන්න හරි අමාරුයි කියල පෙන්වන්න ආණ්ඩුව මිනිස්සු බය කළේය. පිටරටවල මිනිස්සු මැරෙන හැටි පෙන්න පෙන්නා බය කළේය. දැන් මිනිස්සු ඉන්නේ හොඳටම බය වෙලාය. ඡන්දය තියාගන්න නම් ආණ්ඩුව මිනිසුන්ගේ බය ඇරිය යුතුය. ආණ්ඩුව නිර්මාණය කරපු බයෙන්ම ආණ්ඩුව මිනිසුන්ව මුදවාගත යුතුය.
“ළිඳට වැටුණ මිනිහා ළිං කටෙන්ම ගොඩආ යුතුය…”
මේ පරණ කියමනකි. කොරෝනාව මර්දනය කළා කියලා මහ ඡන්දය තියන්න ගිහින් කොරෝනාව නිසාම වැටුණ ආණ්ඩුව කොරෝනාවෙන්ම ගොඩආ යුතුය.
“ඒක කරන්න ආණ්ඩුවට පුළුවන්ද…?”
දැන් කොරෝනා මර්දනය කරනවාටත් වඩා අමාරු මිනිසුන්ගේ බය අරින එකය. ඇත්තට කොරෝනා මර්දනය කළා දැන් ඡන්දය තියන්න කිව්වත් ආණ්ඩුව බොරු කියනවා කියල මිනිස්සු හිතන්න පුළුවනි. යුද්ධය කොටි වලිගයක් යැයි කිව්වේ ජේ.ආර්.ය. බලාගෙන යනකොට කොරෝනාව ඊටත් වඩා කොටි වලිගයකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

Samsung වගකීම් කාලය දීර්ඝ කරයි

Next Post

කොළඹ රොටිකඩේ වත්තට කොරෝනා ගෙනාවේ කව්ද? (CID SPECIAL)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.