එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වුණු 36 වැනි කලාපීය සමුළුවේදී මෙම තීරණයට එළැඹ තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී විය.
ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීමට සහ සැමට ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ලොව රටවල් 130ක ක්‍රියාකාරීත්වය මෙම සමුළුවට ලබා දෙනු ලබයි.
2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට රටවල් 40ක් සහභාගී වීමට නියමිතය.