ජංගම දුරකථන ක්‍රීඩා ලෝලී තරුණ්‍යය ඉලක්ක කර ගනිමින්, පහසුවෙන් හැසිරවිය හැකි, විශේෂාංග රැසකින් යුත්, කාර්යක්‍ෂම මෙන්ම ආකර්ෂණීය මෝස්තර සහ වර්ණයන්ගෙන් යුත් නවතම ජංගම දුරකථනය වන POCO X3 NFC පසුගියදා ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දෙනු ලැබීය. ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ ප්‍රමුඛතම සන්නාමයක් වන POCO විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම ජංගම දුරකථය, නවීන තාක්‍ෂණයට හිතැති තරුණ තරුණියන් වෙත නව අත්දැකීමක් එක්කරනු නොඅනුමානය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Xiaomi හි සාමාන්‍යාධිකාරී විද්‍යා සාගර් මහතා පැවසූයේ, “නවීන තාක්‍ෂණයෙන් යුතු අපගේ නවතම POCO X3 NFC ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදීමට ලැබීම සම්බන්ධයෙන් අප සතුටට පත්වෙනවා. විශේෂයෙන් Qualcomm වල ප්‍රබලතම 700 series මාලාව යටතේ හඳුන්වා දෙනු ලැබූ මේ නව නිෂ්පාදනය” 4G processor සහ SnapdragonTM 732G ධාරිතාවයකින් යුතුව නිර්මාණය කර තිබෙනවා. මේ නිසා පාරිභෝගිකයන් හට අසමසම ප්‍රතිලාභ රැසක් ලබාගැනීමේ අවස්ථාවන මෙයින් සලසාදී තිබෙනවා. විශේෂයෙන් මෙහි අන්තර්ගත 5,160mAh ධරිතාවයෙන් යුතු බැටරිය එකවරක අරෝපණයක් දින දෙකක ආයුකාලයක් සපයා දීමට සමත්වෙනවා. මීට අමතරව මෙහි ඇති 120Hz + 240Hz සංඛ්‍යත තිරය මගින් වෙළෙඳපොළේ ඇති බහුතරයක් දුරකථනවලට සාපේක්‍ෂව ඉහළ මෙන්ම ආකර්ෂණීය මෙහෙයුම් කාර්යයකට අවස්ථාව සලසා දෙනවා වගේම පරිශීලකයින් හට නව වින්දනීය අත්දැකීමක් ලබාදීමද මේ නිෂ්පාදනයේ ඇති විශේෂත්වයයි.”











