ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ විශ්වසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය නැවත අලුත් කිරීමට සමත් විය.
බදු පසු ලාභය පෙර වසරට සාපේක්‍ෂව 15.5%ක කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර බදු පෙර ලාභය ලෙස රු. බිලියන 6.65ක ලාභයක් ළඟා කර ගනිමින් 13.2%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
පෙර වසර හා සමානව Covid-19 හි තෙවැනි රැල්ල හමුවේ රටේ සර්ව ආර්ථික දර්ශකවල ක්‍රියාකාරීත්වය අඩාළ කරමින් ව්‍යාපාරවලට ක්‍රියාත්මක වීමට අපහසු පරිසරයකට තුඩුදුන් භයානක අභියෝග රැසකට ව්‍යාපාරවලට මුහුණ පෑමට සිදුවිය.
කෙසේ වෙතත්, සමාගමක් ලෙස පීපල්ස් ලීසිං මෙම අභියෝග ජය ගනිමින් ඓතිහාසික මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්විණි.
සමාගමේ අක්‍රීය වත්කම් අනුපාතිකය පහත යාම තුළින් පෙන්නුම් කළේ ණය අවදානම් කළමනාකරණය කිරීම සහ අයකර ගැනීම් වැඩිදියුණු කිරීම සඳහා යොමුකරන ලද සම්පත් සහ උත්සාහයන්හි ප්‍රතිඵලයන් වේ. ණය සහ ලැබිය යුතු මුදල් සඳහා අපහායන ගාස්තු රුපියල් මිලියන 1,044 සිට රුපියල් මිලියන 656 දක්වා 37.2%කින් අඩුවිය.











