පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි සමාගම පුරා වසර 25ක කාලයක සිට තිරසර අරමුණු සාක්‍ෂාත් කරගැනීමට සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දෛනික කසළ කළමනාකරණ ක්‍රියාපිළිවෙත වඩාත් ක්‍රමවත් කිරීමේ අරමුණෙන් කසළ බඳුන් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පොළොන්නරුව ගල්විහාර පූජා භූමිය තුළදී පසුගියදා මහජන අයිතියට පත් කෙරුණි.
එම ක්‍රමවත්ව කසළ බැහැර කීරීමේ ව්‍යාපෘතිය පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සිලින් මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මඟපෙන්වීම යටතේ සිදුකෙරුණකි. එම ව්‍යාපෘතිය යටතේ ඉවතලන ඝන අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර කිරීමට අවශ්‍ය කසළ බඳුන් කට්ටල ඓතිහාසික පොළොන්නරුව සොළොස්මස්ථාන භාරකාර, පූජ්‍ය කන්දකැටිය අත්තදස්සි ස්වාමින්වහන්සේට මහජන අයිතිය සඳහා ප්‍රදානය කිරීම පීපල්ස් ලීසිං සමාගමේ සහකාර ප්‍රාදේශීය කළමනාකරු සුසිල් ප්‍රියන්ත මහතා විසින් සිදුකරනු ලැබීය.