ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය තුළ සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරමින් මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ පුරෝගාමී සහ එකම ගෙවීම් තාක්ෂණ නව්‍යකරණ සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation Awards) සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර විය.
මහජන බැංකුවේ People’s Pay ජංගම දුරකතන ගෙවීම් යෙදවුම, LankaQR හරහා සිදුකරන ගෙවීම් සඳහා වන හොඳම ජංගම දුරකතන ගෙවීම් යෙදවුම වෙනුවෙන් වන රන් සම්මානය දිනාගත් අතර, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම සඳහා වන කුසලතා සම්මානය මහජන බැංකුවේ People’s Wave යෙදවුම දිනාගන්නා ලදී. එමෙන්ම LankaPay ජාතික මුදල් ගෙවීම් කාඩ්පත් ක්‍රමය හඳුන්වාදීම වෙනුවෙන් මහජන බැංකුව දැක්වූ දායකත්වය විශේෂ ඇගයීමකට ලක්විය. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම් යන මහත්වරුන් මහජන බැංකුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූහ.