Lanka Pay ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය යටතේ කාඩ් නිකුත්කරන මෙන්ම කාඩ් ගනුදෙනු සඳහා ගෙවීම් කරන පළමු බැංකුව බවට මහජන බැංකුව පත්වේ. මේ සඳහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ Lanka Clear සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා යන මහත්වරුන් අතර පසුගියදා කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, කාඩ්පත් ප්‍රධානී ජයනාත් ඩයස්, Lanka Clear නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) රසික ගලප්පත්ති, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ශෂික කෞෂල්‍ය, JCB ජාත්‍යන්තරයේ උපදේශක (ශ්‍රී ලංකාව වෙනුවෙන්) ලක්ෂ්මන් ලියනගේ යන මහත්වරුන්ද සහභාගි වූහ. LankaPay ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වන දේශීය කාඩ්පත් යෝජනා ක්‍රමයක් වන අතර, එය ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර කාඩ්පත් යෝජනා ක්‍රම හයෙන් එකක් වන JCB ජාත්‍යන්තරය සමග සහයෝගිතාවයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අනුමැතිය යටතේ හඳුන්වාදී ඇත.