සුව සේවා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ACHSI ප්‍රමිතිකරණය හිමිකරගත් මෙරට පළමු පුද්ගලික රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය ලෝක දියවැඩියා මාසය වෙනුවෙන් මෑතකදී පල්ලියවත්ත ප්‍රදේශයේ ධීවර ජනතාව සඳහා පුළුල් දියවැඩියා සහ බෝ නොවන රෝග සායනයක් පවත්වන ලදී.
X-Press Pearl ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ධීවර ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා මින් පෙර දියත් කරන ලද “ධීවර දිරි සවි” සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවැනි ව්‍යාපෘතිය ලෙස මෙම සායනය ක්‍රියාත්මක විය.
“නිරෝගිමත් ජීවිතයක්” ළඟාකර දීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන නොමිලේ පවත්වන ලද මෙම සායනය පල්ලියවත්ත මවුන්ට් කර්මෙල් දේවස්ථානයේදී පැවැත්වුණ අතර, එම දේවස්ථානයේ අජිත් තිසේරා පියතුමාගේ ආශීර්වාදය ඇතිව එහි වැඩකටයුතු ආරම්භ විය.
250කට අධික පිරිසකට දියවැඩියා සහ NCD පරීක්ෂාව මෙන්ම ඊට අදාළ ප්‍රතිකාර නොමිලේ ලබා දීමෙන් ජීවිත 250කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීය. අත්‍යවාශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වන මෙම ප්‍රවේශ සියලු ප්‍රදේශවාසීන්ගේ ඉහළ ප්‍රශංසාවට හේතු විය. හේමාස් රෝහල් සමූහය දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිති පිළිබඳ ඔස්ටේ්‍රලියානු කවුන්සිලයේ (ACHSI) සහතිකය සහිත ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තරව පිළිගත් රෝහල් ජාලය වන අතර, ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ උසස් සායනික ප්‍රතිඵල සඳහා ජාත්‍යන්තර රෝහල් ප්‍රතීතනයේ රන් මුද්‍රාවයි.