මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියා වූ, E9PAY ප්‍රේෂණ සේවාව හරහා ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කළ ආර්.එම්. කරුණාරත්න මහතාට හිමි චෙක්පත, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සවිත්‍රී පානබොක්ක මහත්මිය අතින් ඔහු වෙත පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් සචිනි ඩයස් මහත්මිය, මහජන බැංකුවේ දකුණු කොරියානු නියෝජිත ළහිරු අල්විස් සහ E9PAY ශ්‍රී ලංකා කළමනාකරු තාරුක විජේසිංහ යන මහත්වරුන්ද සහභාගි වූහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, People’s Remittance වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව පවත්වන ලදී.

Exit mobile version