පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ කෝවිඞ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සඳහා රජයේ ඉල්ලීම පරිදි තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බව පවසා සිටී. PCR පරීක්ෂණය පැවැත්වීම සඳහා අණුක රෝග නිර්ණය පහසුකම් ඇති ලංකා රෝහල, ආසිරි සර්ජිකල් රෝහල්, නවලෝක සහ ඩර්ඩන්ස් යන පුද්ගලික රෝහල්හි රසායනාගාර තුළ රජයේ ඉල්ලීම පරිදි මෙම පොලිමරේස් චේන් රියැක්ෂන් පරීක්ෂණය ( PCR ) කෝවිඞ් 19 වෛරසය පැතිර යෑම සහ පාලනය කිරීමට රජයේ සෞඛ්‍ය අංශයන්ට සහාය වීමක් ලෙස සිදු කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්, යුද හමුදාපති සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දෛනිකව සිදුකරන PCR පරීක්ෂණය ප්‍රමාණය වැඩි කිරීම සඳහා පුද්ගලික රෝහල් සංගමයේ දායකත්වය ඉල්ලා සිටි අතර මීට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පුද්ගලික රෝහල් සංගමය මේ අවස්ථාවේදී මේ වසංගතය මැඩලීම සඳහා රජයට උපරිම සහාය ලබා දෙන බවට සහතික විය.











