OPPO මගින්, ෂැංහයිහි පැවැත්වුණු චයිනාජෝයි ජාත්‍යන්තර වීඩියෝ ක්‍රීඩා ප්‍රදර්ශනයේදී, අධිතාත්වික වැඩිවර්ධනය කළ දසුන් ලබාදීමට සමත් “Game Color Plus” නම් තාක්ෂණය සහ, ජාල වේගය ඉහළ නංවන නවීන “Dual Wi-Fi” තාක්ෂණය ප්‍රදර්ශනය කරන්නට යෙදිණි. මෙම නව තාක්ෂණයන් ද්විත්වය මගින්, වීඩියෝ ක්‍රීඩා දසුන් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නැංවීම, ජාල සම්බන්ධතා වේගය ඉහළ නැංවීම සහ ජාලයන් අතර සුමටව මාරුවීමේ හැකියාව සමගින් සම්පූර්ණය ක්‍රීඩා අත්දැකීමම ඉහළ නැංවීමට හැකිවනු ඇත.
OPPO සහ Qualcomm තාක්ෂණීක සහයෝගීත්වයේ ප්‍රතිඵලයක් වන “Game Color Plus” මගින් ස්මාට් ජංගම දුරකතන ක්‍රීඩා සඳහා වැඩිදියුණු කළ දසුන් ලබාදේ. වීඩියෝ ක්‍රීඩා තාක්ෂණය සහ self-adaptive technology’, තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන “ Game Color Plus ” මගින් වීඩියෝ ක්‍රීඩා දසුන් සැලකිය යුතු ලෙසින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නංවන අතර, විශේෂයෙන්ම වීඩියෝ ක්‍රීඩා දර්ශනයන්හි සියුම් තොරතුරු, වර්ණයන් මිශ්‍ර වීම සහ වර්ණයන් අතර වෙනස වැඩි කරවයි.