ඔරදචසජදසර ඔරදචසජදසර කර්මාන්ත ශාලා සමූහයට අයත් Premier Tech Lanka කර්මාන්තශාලාව “අනාගතය වවමු-කප්රුක රැක ගනිමු” පැළ වගාකිරීමේ ව්‍යාපෘතිය සමගින් පසුගිය 10 වැනිදා පලාලිහිදී විවෘත කෙරිණි. වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු නවීන් දිසානායක, එම අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රණසිංහ, පොල් පර්යේෂණ ආයතනයේ සහ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිවරු මෙන්ම තවත් සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම නවතම කර්මාන්ත ශාලාව මගින් උත්පාදනය කෙරෙන සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණය 300 ඉක්මවයි.
කර්මාන්ත ශාලාව විවෘත කිරීමට සමගාමීව ගරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පොල් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි. 2021 වසරවන විට පොල් පැළ 10,0000ක් සිටුවීමේ අරමුණ පෙරදැරිව මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙන අතර ඉන් පැළ 25,000ක් ඔරදචසජදසර සමාගම මේවන විට ද සිටුවා අවසන් කර ඇත.