දශකයකට අධික කාලයක් තිස්සේ මෙරට කාන්තා බැඞ්මින්ටන් ශූරිය ලෙස ඇගයීමට ලක්වූ සෙලාන් බැංකුවේ චන්ද්‍රිකා ද සිල්වා පසුගියදා පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවල අංශයේ රිදී පදක්කමක් සහ කාන්තා යුගල අංශයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය. බැඞ්මින්ටන් ක්‍රීඩාවේ වසර 20කට අධික කාලයක් පුරා විහිදෙන අත්දැකීම් සම්භාරයක් හිමි ඇය 11 වරක් ශ්‍රී ලංකාවේ ජාතික කේවල බැඞ්මින්ටන් ශූරතාව දිනා ඇති අතර 12 වරක් යුගල ශූරතාව දිනා තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් චන්ද්‍රිකා ද සිල්වා මෙසේ පැවසුවාය. “මේ ජයග්‍රහණය මට විශාල සතුටක්. වයස 40 ට වැඩි කාණ්ඩය යටතේ රටවල් 29ක තරගකාරියන් සමග තරග වැදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට මට හැකියාව ලැබුණා. මේ තරගාවලියට සහභාගි වීම සඳහා මට අවස්ථාව ලබාදීම සහ මගේ ක්‍රීඩා ජීවිතය තුළ නිරන්තරයෙන් මා දිරිමත් කිරීම සම්බන්ධයෙන් මා සෙලාන් බැංකුවට ස්තූතිවන්ත වෙනවා.”