ශ්‍රී ලංකාවේ විශාලතම දේපොළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය වූ මීගමුවේ Prime Amber Skye දියත් කිරීම සඳහා මෙරට දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ පැවති පළමු online virtual property ප්‍රවේශයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් විය.
සයුර අබියස මීගමුව වෙරළ තීරයට නුදුරින් ඉදිවන Prime Amber Skye සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමස්ත ව්‍යාපෘතියෙන් 30්‍රක වාර්තාගත අලෙවියක් මෙම online virtual property ප්‍රවේශය හරහා තහවුරු කර ගැනීමට ප්‍රයිම් සමූහයට හැකි විය.
ප්‍රයිම් සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය, 25 වසරක පාරිභෝගික විශ්වාසය සහ කාලානුරූපව වෙනස්වන දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් හඳුනාගනිමින් එම අවශ්‍යතාවන් ඉටුකිරීම කෙරෙහි සමූහයේ කැපවීම මෙම විශිෂ්ට අලෙවි කාර්යසාධනය තුළ මැනැවින් පිළිබිඹු කෙරේ.











