මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවන්නේ මුළුමහත් ශ්‍රී ලංකාවටම අභියෝගාත්මක කාලයකදීයි. දැවැන්ත ආර්ථික අර්බුදයක ආරම්භයත් සමග මහජනතාව විවිධ සමාජයීය හැලහැප්පීම්වලට ලක්වනු දැකිය හැකියි. කොවිඩ් 19 වසංගතය ප්‍රමුඛ ජාතික හා අන්තර්ජාතික බලපෑම්හි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ මේ මහා වියවුල තුළ ශ්‍රී ලංකාවේ විශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ස්ථාවරව හා අනාගතය දෙසට ධනාත්මක චින්තනයකින් යුතුව ගමන් කරන බව ඔබ සැමට පසක් කර සිටින්නේ සතුටින්.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ අප සැම සිත්වලට ගෙන එන නැවුම් ප්‍රබෝධවත් සිතුවිලි නිරන්තරයෙන් මුහුණන්නේ අදට වඩා හෙට හොඳ දවසක් වනු ඇති බවයි. එකී බලාපොරොත්තුව සමගින් අප ආදරණීය ගනුදෙනුකරුවන් වෙත මේ අලුත් අවුරුද්දේ නව මුහුණුවරකින් යුතු නැකැත් චාරිත්‍රයක් හඳුන්වා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. ‘පැළ සිටුවීමේ නැකැත’ ලෙස අරුත්ගන්වා ඇති මෙම චාරිත්‍රය පරිසර අමාත්‍යාංශය සමග එක්ව ශ්‍රී ලංකාව පුරා ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛා 262ක් මගින් 2022 අප්‍රේල් 18 දින උදෑසන අපගේ ගනුදෙනුකරුවන් වෙත කෘෂි ආර්ථික වටිනාකමකින් යුතු භෝග පැළ බෙදාදීමට කටයුතු සංවිධාන කෙරුණා.