සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), පසුගියදා පැවති 17 වැනි ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය සේවා අංශය යටතේ අඛණ්ඩව 5 වැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Eric Lavertu මහතා සහභාගි වූ මෙම සම්මාන උළෙලේදී කාර්යසාධන කළමනාකරණ විශිෂ්ටත්වය කාණ්ඩය යටතේ සහ සමස්ත ප්‍රාග්ධනය හා ආදායම රු. බිලියන 5ට වැඩි මහා පරිමාණ සමාගම් කාණ්ඩය යටතේ කුසලතා සම්මාන හිමිකර ගැනීමට CDB සමාගමට හැකියාව ලැබිණි. ජාතික වාණිජ මණ්ඩලය මෙම සම්මාන උළෙල සංවිධාන කරන ලදී.
මීට පෙරද දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසකදී, අනුකූලතාව, ආයතනික පාලනය, ව්‍යාපාරික මෙහෙයුම්, වගකීම්සහගත බව, ආචාරධර්ම සහ ව්‍යාපාර මූලධර්ම වැනි අංශ රැසක් යටතේ සම්මානවලින් පිදුම් ලැබීමට CDB සමත්වී තිබේ. මේ ආකාරයට දිගින් දිගටම සම්මාන හා ඇගයුම් හිමිවීම, CDB සමාගමේ ව්‍යාපාර විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි.