• About us
  • Contact us
Monday, July 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News

July 6, 2026
in Business
Reading Time: 3 mins read
A A
තරුණ නායකයින් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්වෙයි!  නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගනියි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා විසිරී සිටින තරුණ නායකයින් දහසකට අධික පිරිසකගේ  සහභාගීත්වයෙන් 2026 ජූනි 27 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 36 වැනි රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනය පැවැත්විණි. එම සම්මේලනය, රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220 (Rotaract in RID 3220) – ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රොටරැක්ට් නව නායකත්වය නිල වශයෙන් වැඩ භාරගැනීම සනිටුහන් කළ ගෞරවණීය අවස්ථාවක් විය. Sri Lanka Latest News

සෑම වසරකම ජූලි මස 1 වැනි දින සිට පසු වසරේ ජූනි මස 30 වැනි දින දක්වා දිවෙන රොටරි ජාත්‍යන්තර වර්ෂය අවසානයේ පවත්වනු ලබන මෙම දිස්ත්‍රික් මහා සම්මේලනය, නව රොටරැක්ට් දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව නිල වශයෙන් පත්කිරීමත්, පසුගිය වසර පුරා සේවය කළ නායකත්වයේ විශිෂ්ට කාර්යභාරය ඇගයීමත් අරමුණු කරගත් උත්සවයක් ද වේ.

මෙහිදී, PHF Rtn. Rtr. PP ආචාර්ය ජූඩ් ෂැනන් ලූශන් මහතා 2026–27 රොටරි ජාත්‍යන්තර වර්ෂය සඳහා දිස්ත්‍රික් රොටරැක්ට් නියෝජිතවරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගනු ලැබීය. Igniting Possibilities Inspiring Change යන තේමාවෙන් ප්‍රබෝධමත් වූ නව වසරකට ඔහු මෙසේ නායකත්වය භාරගත්තේය. එමෙන්ම, Rtr. PP නස්මි මහමුද් මහතාගේ නායකත්වයෙන් සහ ඔහුගේ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ මඟපෙන්වීමෙන්, Redefine Service යන තේමාව යටතේ ගෙවී ගිය රොටරි වර්ෂයේ ඉටුකළ සුවිශේෂී සේවාවන් ද මෙම අවස්ථාවේදී ඇගයීමට ලක් කෙරිණි.

2025–26 රොටරි ජාත්‍යන්තර වර්ෂය තුළ ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා ක්‍රියාත්මක රොටරැක්ට් සමාජ 95ක සාමාජිකයන් 4,000කට අධික පිරිසක් ව්‍යාපෘති 2,400කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ස්වේච්ඡා සේවා පැය මිලියනයකට අධික කාලයක් සිය ප්‍රජාවන් වෙනුවෙන් කැප කළහ. දිස්ත්‍රික්කයේ රොටරැක්ට් සමාජ 95ම නියෝජනය කරමින් සහභාගි වූ නියෝජිතයන් හමුවේ, පසුගිය රොටරි වර්ෂය පුරා සිය සේවාවෙන් කැපී පෙනුණු රොටරැක්ට් සාමාජිකයන්ගේ කැපවීම ද විශේෂයෙන් අගය කෙරිණි. විශේෂයෙන්ම දිත්වා සුළි කුණාටුවෙන් අනතුරුව දිස්ත්‍රික්කය පුරා සියලු සමාජ එක්ව ක්‍රියාත්මක කළ ආපදා සහන වැඩසටහන් ඇගයීමට ලක් වූ අතර, බලපෑමට ලක්වූ ජනතාව වෙත කඩිනම් මානුෂීය සහන සැපයීම තුළින් Service Above Self යන රොටරි දර්ශනය ප්‍රායෝගිකව මූර්තිමත් කළ ආකාරය ප්‍රශංසාවට ලක් විය.

මෙවර සම්මේලනයට ජාත්‍යන්තර වැදගත්කමක්ද එක් කරමින්, RID 3220 දිස්ත්‍රික්හි රොටරැක්ට් මහා සම්මේලනයකට සහභාගි වූ ප්‍රථම RSAMDIO සභාපතිවරයා ලෙස  දකුණු ආසියානු රොටරැක්ට් බහු දිස්ත්‍රික් තොරතුරු සංවිධානයේ (RSAMDIO) සභාපති ඉන්දීය ජාතික PDRR Rtn. Rtr. PP අරුණ් තේජා ගෝදාවර්ති මහතා සහභාගි විය. දකුණු ආසියානු රටවල් අටක දිස්ත්‍රික්ක 46ක් නියෝජනය කරන එම සංවිධානයේ නායකයා ලෙස ඔහු ශ්‍රී ලංකාවේදී තමා ලද උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය ඉහළින් අගය කළේය. තවද, 2025–26 රොටරි වර්ෂය තුළ RID 3220 තුළ රොටරැක්ට් සමාජය ඉටුකළ සුවිශේෂී සේවා මෙහෙවර අගය කළ ඔහු, පසුගිය නායකත්වයට සිය සුභාශිංසන පිරිනමමින්, නව දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවටද සාර්ථක වසරක් ප්‍රාර්ථනා කළේය.

RID 3220 ඉතිහාසයේ රොටරැක්ට් දිස්ත්‍රික් මහා සම්මේලනයක් සඳහා එක්රැස් වූ විශාලතම සහභාගිත්වය ඉදිරියේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ විධායක උප සභාපති සහ සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී ආචාර්ය රමේෂ් ශන්මුගනාදන් මහතාය. ශීඝ්‍රයෙන් විකාශනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නව ප්‍රවණතා පිළිබඳ අදහස් දැක්වූ ඔහු, තාක්ෂණික පරිවර්තනයන් හමුවේ පවතින අවස්ථා සහ අභියෝග පිළිබඳව ද අවධානය යොමු කළේය. ඇතැම් සම්ප්‍රදායික රැකියා ක්ෂේත්‍ර කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් වෙනස් විය හැකි නමුත්, වෙනස්කම් වැළඳගෙන නිරන්තරයෙන් ඉගෙනීමට සහ නව්‍යකරණයට සූදානම් පිරිස සඳහා නව අවස්ථා රැසක් නිර්මාණය වන බව ඔහු අවධාරණය කළේය.

සන්ධ්‍යාව නිමාවට පත්වෙද්දී සිදු වූ මෙම චාරිත්‍රානුකූල නායකත්ව හුවමාරුව නව රොටරි වර්ෂයක ආරම්භය පමණක් නොව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත තරුණ ස්වේච්ඡා සේවකයන්ගේ සේවය, නායකත්වය සහ මිත්‍රත්වය තුළින් ප්‍රජාවන්ගේ ජීවිත යහපත් කිරීමට ඇති අධිෂ්ඨානය නැවත තහවුරු කළ සුවිශේෂී අවස්ථාවක් ද විය. නව දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව වටා එක්සත්ව, 2026–27 රොටරි වර්ෂය තුළ Igniting Possibilities Inspiring Change යන දැක්ම පෙරදැරි කරගනිමින්, සෑම ප්‍රජාවකම දිගුකාලීන ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට Rotaract in RID 3220 අධිෂ්ඨාන කරගෙන සිටියි.

SendShareShare
Previous Post

ක්ලීන් ශ්‍රී ලංකා කෝ? ඩෙංගු 61000ත් පැන්නුවා..! පැය 24ට ලෙඩ්ඩු 2604ක්! I Sri Lanka Latest News

Next Post

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

MORE NEWS

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News
Business

Senokවෙතින් Foton ඩබල් කැබ් රථ පෙළක් NEM කන්ස්ට්‍රක්ෂන් වෙත! Sri Lanka Latest News

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News
Business

විසාකා කේෂකල්‍යාණී 2026! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News
Business

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සඳහා Marlbo Trading Company විසින් Holmatro Rescue හඳුන්වා දෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

මරණ ගණන 25ට නගී! 100කට වඩා තුවාලයි! සමහර සිරුරුවල වෙඩි උණ්ඩ! I Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.Sri Lanka Latest News...

Read more
හිරුණිකා තැඹිලි පාට සාරියක් ඇඳගෙන උද්ඝෝෂණේට ගියේ ඇයි? UN එක ඉස්සරහ රඟපෑ නාට්‍ය මොකද්ද? රනිල් කියපු ත්‍රෛලෝක පත්‍ර කතාවේ සුද්ද සිංහල තේරුම! (VIDEO)

හිරුණිකාගේ ඇපෑලට දිනේ හරි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

තත්ත්වය බරපතළ අතට! මීගමුවේ 15ක් මරුට! නිලධාරීන් 4කුත් ඒ අතර! ගැටුම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ්! I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

කතා කරලා වැඩක් නෑ! හෙණ ගහන්න ඕන! ඉතුරු රුපියල දෙන්නෙත් නෑ..! රුපියල් 5 දෙන්නෙත් නෑ..! 40ම කළා නම් ඉවරයි! අද ඉඳන් වැඩි වෙච්ච බස් ගාස්තුව ගැන මිනිස්සු කියන කතා..! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News

මීගමු හිරගෙදර අද උදේ ඇතිවූ ගැටුමෙන් තුන්දෙනකු මරුට! දෙන්නෙක්ම ආරක්ෂක නිලධාරීන්! තුවාල ලැබූ 35ක් රෝහලට! තත්ත්වය පාලනය කරන්න අහසට වෙඩි තියයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.