ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට සවියක් වෙමින් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් වන Mans Lanka සමාගම විසින් හෝමාගම මූලික රෝහලේ ලේ බැංකුවට වායුසමීකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරනු ලැබීය. හෝමාගම රෝහල විසින් Macksons සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ මිස්වර් මකීන් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා මෙම වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කර තිබේ. හෝමාගම මූලික රෝහල කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කළ රෝහල් අතරින් එකකි. හෝමාගම මූලික රෝහලේ ලේ බැංකුවේ කාර්යභාර වෛද්‍ය නිලධාරී සුජිත් විජේසුන්දර මහතා යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළේ, 5S” සංකල්පය හඳුන්වාදීම සිදු කරන තම රෝහලට Mans Lanka සමාගම කළ මෙම පරිත්‍යාගය බෙහෙවින් වැදගත් බවය. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන්ද ලද මෙම පරිත්‍යාගය බෙහෙවින් අගය කරන බව වෛද්‍ය සුජිත් විජේසුන්දර මහතා පැවසීය.
Mans Lanka පෞද්ගලික සමාගම අයත් වන්නේ මෙරට සාඩම්බර සමූහ ව්‍යාපාරයක් වන ඵ්ජනිදබි සමූහ ව්‍යාපාරයටය. Macksons සමූහ ව්‍යාපාරයේ සභාපති මිල්ෆර් මකීන් සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ මිස්වර් මකීන් සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ෂිමර් මිල්ෆර් යන මහත්වරු කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට මෙලෙස දායක වීමට හැකිවීම පිළිබඳව ඉමහත් සතුටට පත් වන බව පැවැසූහ.