පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවීමට පටන් ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කරන්නේ මේ වන විට ජලාශයේ සමස්ත ජල ධාරිතාව 35.14% දක්වා අඩුවී ඇති අතර, ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 410.78 දක්වා පහත වැටී ඇති බවයි.
වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මීටර් 438.04ක් වන අතර, එම මට්ටමට ළඟා වූ විට එහි ඇති ස්වයංක්‍රීය වාන් දොරටු අටෙන් පළමු දොරටුව විවෘත වී වාන් දැමීම සිදුවෙනවා.
දැනට ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 256.03 දක්වා පහත වැටී ඇති අතර, ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් දෛනිකව පිටවන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
මෙහිදී ජල මට්ටම පහත යෑමත් සමඟ ජලාශයට යටව තිබූ පැරණි මාර්ග, ගමනාගමනයට භාවිත කළ පැරණි පාලම් ඇතුළු නගරයේ නටබුන් රැසක් මේ දිනවල නැවතත් දැකබලා ගැනීමට හැකියාව පවතිනවා.










