ශ්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සමූහය වන LOLC, පස්වැනි වරටත් ‘වසරේ මූල්‍ය සේවා සැපයුම්කරු’ ලෙස ස්ලිම් – නීල්සන් 2021 ජනතා සම්මානය ජයග්‍රහණය කළේය. උත්කර්ෂවත් සම්මාන ප්‍රදානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පසුගියදා පැවැත්විණි. සම්මාන උළෙල, අලෙවි වෘත්තිකයන් සඳහා වූ ශ්‍රී ලංකාවේ ජාතික ආයතනය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ සීමාසහිත නීල්සන් සමාගම ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ LOLC සමූහ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා; “LOLC දිවයිනේ ජනතා සිත්සතන් තුළ ප්‍රබල හැඟීමක් යළි ඇති කර තිබේ. එය LOLC සන්නාමයේ ශක්තිය පිළිබඳ සැබෑ මිනුම් දණ්ඩක් මෙන්ම, වසරින් වසර ජාතියට සහ එහි ජනතාවට අපගේ කැපවීම පිළිබිඹු කරන සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන් අතර, ගෘහස්ථ නාමයක් බවට පත්වීමේ අපගේ ගමනට සහාය දුන් LOLC කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම සහ දිවයින පුරා විසිරි සිටින අපගේ අගනා ගනුදෙනුකරුවන්ට මම ස්තූතිය පළ කරමි”.