• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE

April 18, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

යුද්ධය නිමාවීමෙන් පසු සීසීකඩ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවිධ වෙස් ගෙන කලඑළි බැස්සේය. ඒ අය අතර පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් නැත්තේම නැත. එසේ පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිසක් කොටුකර ගන්නට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වන්නේ 2019 වසරේදීය. ඒ රාජ්‍ය බුද්ධි සේවය සමග එක්ව කරන ලද රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

පාතාලයට බැස්ස හිටපු කොටි වේන්දන් අල්ලයි

එම කල්ලියට සම්බන්ධ දාහතර දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. ඒ අයගෙන් හත් දෙනෙක්ම මඩකලපුව, නැදුන්කර්නි, කිලිනොච්චිය, මුලතිව්, කයිට්ස් ආදී පැතිවල පදිංචිකරුවන්ය. ඒ අයට නායකත්වය දුන්නේ යැයි හෙළිවූයේ එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රබල සාමාජිකයෙක් වන වේන්දන්ය. ඔහු 2007 වසරේ ඔක්තෝම්බර් 22 වෙනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ලකළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් අයෙකි. යුද්ධය නිමවීමෙන් පසු හමුදාවට භාර නොවී කට්ටි පනිමින් නම් කිහිපයකින්ම ඔහු පෙනී සිටියේය. වේන්දන් යැයි කියා ඔහුව හැඳින්වූයේ පොලිසියයි. යුද හමුදාව ඔහුට කීවේ අප්පම් යැයි කියාය. නාවික හමුදාව ඔහුව හඳුනන්නේ නෙරන්ජන් යැයි නාමයෙනි. කුමන නමකින් හැඳින්වූවත් මේ පුද්ගලයා දරුණු ගණයේ ත්‍රස්තවාදියෙක් බව නම් මේ තුන්ගොල්ලටම රහසක් නොවීය.

දූෂිත නිලධාරීන් එක්ක ගේමකුත් ගහලා

එසේ තිබියදීත් නාවික හමුදාවේ දූෂිතයින් කිහිප දෙනෙක් ඔහු සමග එක්ව ඕස්ටේ්‍රලියාවට අනවසර සංක්‍රමණිකයින් පැටවීමේ ජාවාරමකද නිරත වූ බව ආරක්ෂක අංශවලට නම් ප්‍රසිද්ධ රහසකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනවසර සංක්‍රමණිකයන් වැළැක්වීමේ අංශයද ඒ අය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ ඇස ගසාගෙන සිටියේය. එහිදී හෙළිවී තිබුණු ආකාරයට අනුව ඔහුගේ මෙහෙයැවීමෙන් ඕස්ටේ්‍රලියාවට යවා ඇති බෝට්ටු ගණන පමණක් 15කට වැඩිය. ඒ අද ඊයේ නොව යුද්ධය අවසන් වීමත් සමගිනි.

ඊළග පාතාලයා සාමි

මේ ජාවාරමේ තවත් ප්‍රධාන හවුල්කරුවෙක් වන්නේ ගනපති කදිරවේලු නොහොත් සාමිය. කයිට්ස් හී පදිංචිකරුවෙක් වන ඔහු පූසාරියෙකි. ඊ.පී.ඩී.පී. සංවිධානය සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැති ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකත්වයද ලබා තිබුණේය. මේ කල්ලියේ දෙවැනියා ලෙස සැලකෙන්නේ සාමිය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට ගැණුනු එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අය හැරුණු කොට සෙසු පස්දෙනා දකුණේ පාතාල අපරාධකරුවන්ය. ඒ අය රාජගිරිය, නිට්ඹුව සහ ගම්පහ පැත්තේ පදිංචිකරුවන්ය. ඔවුන් ගණේමුල්ලේ සංජීව සහ කඩුවෙල ගොත අසංකගේ කල්ලියේ සාමාජිකයෝය.

හිරේ ඉද්දි සෙට්වුණු කව්ද මේ ගණේමුල්ලේ සංජීව!

එල්.ටී.ටී.ඊයේ වේදන් සහ සාමිට දකුණේ පාතාලය සමග සම්බන්ධකම් ගොඩනැගෙන්නේ මිනිස් ඡාවාරමට සහ මුදල් වංචා කිරීම්වලට පොලිසියට කොටුවී බන්ධනාගාරගතකර සිටියදීය. ඔවුන් ඒ වන විට අධික ලෙස අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහිව සිටියේය. බන්ධනාගාරයේදී ඔවුන් දෙදෙනාට අයිස් දුන්නේ ඔවුන් රඳවා සිටි මැගසින් සිරගෙදරම රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සිටි මාකදුරේ මධුෂ්ට නොදැවෙනි පාතාලයේ ලොක්කෙක් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීවය. ඔහුට මාකිලන්ගමුවේ සංජීව යැයිද කියති. එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වූ වේන්දන් සහ සාමිව ඔහු බන්ධනාගාරයේදී තමා වෙත කිට්ටුකර ගන්නේ එකල ඔහුට බාධාවක්ව පැවැති මධුෂ්ට වැඩක්දී පාතාලයේ ගෝඩ්ෆාදර් වීමේ සිහිනය ඉක්මනින්ම ඉටුකර ගන්නටය. සංජීව කාලයක් තිස්සේම සිටියේ බන්ධනාගාරගතවය. ඇප ලැබුණත් ඔහු ඇප බැඳ බන්ධනාගාරයෙන් එළියට ගියේ නැත. ජංගම දුරකතනයෙන් එළියේ ඉන්නවාට වඩා හොඳින් ආරක්ෂාකාරීව පාතාලයේ අපරාධකරුවෙක් ලෙස වැජඹුණේය. ඒ මත්කුඩු සහ අවි ජාවරම ජයටම කරගෙන යමිනි. වේදන්ව සහ සාමිව පවා ඔහු පසුකාලයේ මෙහෙයවන්නට ගත්තේ හිරේ ඉඳන්ය.

කොටින්ගේ ආයුධ විකුණන්න පටන් ගනී

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු සහ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට අනුව එදා හෙළිවී තිබුණේ වේන්දන් සහ සාමි උතුරේ වළදමා ඇති ගිනි අවි සහ බෝම්බ ගොඩගෙන ගනේමුල්ලේ සංජීව හරහා පාතාලයට අලෙවි කිරීමේ ජාවාරමක් ජයටම කරගෙන ගිය බවකි. වව්නියාව පුලියන්කුලමේ පූතූර් කෝවිල අසලදී පොලිස් පරීක්ෂාවකදී 2019 වසරේ ජනවාරි 01 වෙනිදා අළුයම අත්බෝම්බ 04ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහිත ගමන් මල්ලක් අතහැර පළාගිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාද මෙම කල්ලියට සම්බන්ධ අයෙක් බවද එම විමර්ශනයෙන් හෙළිවිය. එදා ආරක්ෂක අංශ එම ආයුධ මල්ල හමුවීමත් සමග සැකකරන්නට වූයේ එය එල්.ටී.ටී.ඊ. ය නැවත යුද්ධයකට සූදානම් වන බවය. එදා ආයුධ මල්ල අතහැර දමා පළායන්නේ ආනන්ද රාසා නැමැති එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයෙකි. වළදමා තිබුණු එම ආයුධ රැගෙන එදා ඔහු සූදානම් වන්නේ කොළඹ බලා ගමන් ගන්නා බස් රථයකට ගොඩවී කොළඹට රැගෙන එන්නටය. මේ දේවල් පවා හෙළිවන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් කළ ඒකාබද්ධ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙනි.

මෙහෙයවීම ස්විට්සර්ලන්ත ඩයස්පෝරාවෙන්

රාජ්‍ය බුද්ධි සේවය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශනවලින් එදා හෙළිවූ තොරතුරුවලට අනුව වේදන් සහ සාමිව මෙහෙයවා ඇත්තේ ප්‍රංශයේත් ස්විස්ටර්ලන්තයේත් රැඳී සිටින එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ කිහිප දෙනෙකි. ඒ අය කවුරුන්දැයි රාජ්‍ය බුද්ධි සේවය නම් ගම් සහිතව හෙළිකර ගෙන තිබුණේය. දකුණේ පාතාලය සමග වේදන්ට සහ සාමිට ගනුදෙනු කරන්නැයි කියා ඇතැයි පැවසෙන්නේද ඔවුන් දෙදෙනාය. ඒ කුමන අරමුණක් වෙනුවෙන්දැයි පැහැදිලි නැතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ. සුමන්තිරන් සම්බන්ධයෙන් නම් ඇස ගසාගෙන සිටින ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බව නම් විමර්ශනවලින් හෙළිවී තිබුණි.

උතුරට මත්කුඩු බෙදා හරින ප්‍රධාන ජාලය ලෙසද හඳුනා ගත්තේ මෙම කල්ලියයි. ඒ සදහා මත්කුඩු උතුරට රැගෙන යන්නේ කොළඹ සිටය. මත්කුඩු ඔවුන්ට සපයන්නේ ගනේමුල්ලේ සංජීව බවට තොරතුරු අනාවරණය වී තිබිණ. ඊට අමතරව මෙම කල්ලිය උතුරු නැගෙනහිර පළාත්වල ඇති නිධන් ගොඩ ගන්නටද උත්සහයක නිරතව සිට ඇත. ඔවුන්ට ඒ සදහා භික්ෂුවකගේ සහය ලැබී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබිණ. එම භික්ෂුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සූදානම් වූ විට යහපාලන ආණ්ඩුව සමයේදී ඊට යම් බාධාවක් දේශපාලනිකව එල්ලවීම නිසා අදටත් එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ නැත.

සුමන්තිරන් මරන්න ප්ලෑනක් ගහලා…

එදා කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ වේදන්ගේ කල්ලිය ඒ වන විටත් පිස්තෝල 10ක් සහ ටී 56 අවි 10ක් ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය අතට පත්කර ඇති බවය. එසේම අත්බෝම්බද ඒ හා සමාන ප්‍රමාණයක් සංජීවගේ ගෝලබාලයින් අතට පත්කර ඇයි කියැවිණි. එම ආයුධ ඇති තැන් වේදන් සහ සාමිට පවසන්නේ ප්‍රංශයේ සහ ස්විස්ටර්ලන්තයේ සිට ඔවුන්ව මෙහෙයවන දෙදෙනාය. ඒ අයගේ උපදෙස්වලට අනුව කිලෝ 10ක් බරැති ක්ලේමෝ බෝම්බයක්ද ගොඩගෙන සඟවා තිබී ඇත. එම බෝම්බය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගත්තේය. ඒ එම බෝම්බය ක්‍රියාත්මක කරන දුරස්ථ පාලකයද සමගිනි. එම බෝම්බයට අමතරව පාතාලයට ගිය එල්.ටී.ටී.ඊ.යේ ගිනි අවි රැසක්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයාගත්තේය.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු තොරතුරුවලට අනුව නම් එම බෝම්බවල ඉලක්කය සුමන්තිරන් මන්ත්‍රීවරයාය.
ගණේමුල්ලේ සංජීව එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්වද පාතාලයේ කොන්ත්‍රාත් මිනිස් ඝාතන සඳහාද යොදා ගත්තේය. එවන් මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් රැසක්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අනාවරණය කර ගත්තේය. ඒ ඇතැම් අපරාධවලට පොලීසිය වෙනත් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඒ අයට ඒ වන විට නඩු පවා පවරා තිබුණේ සැබෑ අපරාධකරු නිදහසේ සිටියදීය.

දෙමටගොඩ චමින්දට ඇතුළේ ඉදන් ගහපු ගේම

වසර ගණනාවක්ම ගණේමුල්ලේ සංජීව සිටියේ රක්ෂිත බන්ධනාගාරගතවය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගෝල බාලයින් සමග ඔහුට ආයුධ සපයන එල්.ටී.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයින් අල්ලා ගන්නා විට සංජීව සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය. ඒ භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නැමැති පාතාලයේ ප්‍රබලයා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරයේ සිට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමකට කොටුවීමෙනි. ඔහුව අත්අඩංගුවට ගන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ය. 2015 වසරේ සිට ඔහු සිටියේ බන්ධනාගාරයේය. ඇතුළේ ඉඳන් ඔහු වැඩ පෙන්නුවේය. ඒ නිසාම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් ඔහුව සිය භාරයට ගන්නේ රඳවා ගැනීමේ නියෝගයක්ද ලබාගනිමිනි. ඒ 2019 වසරේ පෙබරවාරියේදීය.

ගම්පහ ඔස්මන් එක්ක තියෙන ප්‍රශ්නය

කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගත් ගණේමුල්ලේ සංජීව දෙමටගොඩ කොළොන්නාව පාරේ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සිරමැදිරියේ සතියක් දෙකක් තබා ගත්තේය. අනතුරුව වැඩි ආරක්ෂාවට ඔහුව රඳවා තැබෙන්නේ වැල්ලවත්ත පොලිස් සිරමැදිරියේය. බන්ධනාගාරයේ මෙන් පොලිස් සිරමැදිරියේ රඳවා තබන විට සංජීවට ජංගම දුරකතන භාවිතා කිරීමට අවස්ථාවක් නැතැයි පොලීසිය සිතුවේය. එහෙත් ඔහු වැල්ලවත්ත පොලීසියේ නිලධාරියෙක් මිතුරු කරගනිමින් එක් දුරකතනයක් පමණක් නොව, දුරකතන දෙකක්ම සිර මැදිරියට ගෙන්වා ගත්තේය. එම දුරකතන දෙක සිරමැදිරියේ වැසිකිලි පෝච්චිය අසල වළක් හාරා එහි වළදමා එම දුරකතන දේක මාරුවෙන් මාරුවට යොදා ගනිමින් හිරගෙදරට වඩා හොඳින් මත්කුඩු ජාවාරම මෙහෙයුවේය. ඒ කිසිදු සැකයක් ඔහු වෙත එල්ල නොවන්නටය. එය එතැනින් හමාර වන්නේ නැත. ගම්පහට ඔහුගේ බලය ව්‍යාප්ත කිරීමට බාධාවක්ව සිටින ගම්පහ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඔස්මන් ඝාතනය කිරීමට සිය ගෝලබාලයින් මෙහෙයවන්නට ගත්තේය. ඒ ඹස්මන් ඝාතන ප්‍රයත්න හතරක්ම අසාර්ථකව පැවැති පසුබිමකදීය. වැල්ලවත්ත පොලිස් සිරමැදිරියේ සිට සැලසුම් කළ ඔස්මන් ඝාතනය කිරීමේ එම ප්‍රයත්නයත් අසාර්ථක වන්නේ සංජීව පොලිස් සිරමැදිරිය තුළ ජංගම දුරකතන දෙකක් තබා ගනිමින් තමාව ඝාතනය කරන්නට සැලසුම් කරන බව ඔස්මන්ටම ඔහුගේ තොරතුරුකරුවන්ගෙන් ලද ඔත්තුවක් නිසාය. සංජීව ජංගම දුරකතන දෙකක් පොලිස් සිරමැදිරියේ තබාගෙන සිටින බවට වූ ඔත්තුව පොලීසියට දෙන්නේද ඔස්මන්ය.

සාක්ෂි නැතිව නිදහස!

මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සිටි ගණේමුල්ලේ සංජීව එදා කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගන්නේ එල්.ටී.ටී.ඊ.ය සමග කළ ආයුධ ජාවාරමක් මෙන්ම කොන්ත්‍රාත් මිනිස් ඝාතන ගැන ප්‍රශ්න කරන්නටය. ඒ අතර සුමන්තිරන් මන්ත්‍රී ඝාතන සැලසුම් විමර්ශනයද තිබුණේය. රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකින් කොළඹ අපරාධ කොට්ඨාසය අල්ලාගත් පාතාලයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ගැන මෙන්ම එම කල්ලියට නායකත්වය දුන් ගණේමුල්ලේ සංජීව සම්බන්ධයෙන් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වූයේය. විටෙන් විට විමර්ශන සඳහා නීතිපතිවරයාගෙන්ද උපදෙස් ගත්තේය. අවසානයේදී සිදුවන්නේ ගණේමුල්ලේ සංජීව ඇතුළු එදා ඒ අල්ලාගත් පාතාලයට සහ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ 11 දෙනෙකුටම අධිකරණයෙන් ඉකුත් සතියේදී නිදහස උදාවීමය. ඒ ඔවුන්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බ, ටී-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් ගොඩගෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රහසිගතව ප්‍රවාහනය කර, පාතාල කල්ලි සාමාජිකයින්ට අලෙවි කිරිම සහ ඒවා මිලදී ගැනීම ඇතුළු චෝදනා රැසක් ගැන අධිකරණයට පවා බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබියදීය.

එසේ තිබියදීත් ගණේමුල්ලේ සංජීව ඇතුළු පිරිසට නිදහස උරුම වන්නේ මෙතෙක් කළ විමර්ශන අනුව, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු දැක්වීමකට අනුවය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වන්නේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තවත් සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවකි.

සංජීව හදන්නේ රට පනින්නද?

නිදහස ලැබූවද සංජීව තවමත් බන්ධනාගාරයෙන් පිටතට එක අඩියක් තැබුවේ නැත. තවමත් ඔහු සිටින්නේ බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ නඩුවට ඇප ලබා ඇතත් ඇප තැන්පත්කර නොමැති බැවින් රක්ෂිත බන්ධනාගාරයේය. එම නඩුවට ඔහුට ඇප ලැබෙන්නේ 2018 වසරේදීය. තවමත් ඔහු ඇප තැන්පත් නොකර සිටින්නේ බන්ධනාගාරයෙන් එළියට ආ සැනින් රටින් පැන ගැනීමේ සූදානමක් ඇතිවදැයි කියන්න දන්නේ නැත. ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ බෝට්ටුවක නැගී ඉන්දියාවටත් එතැනින් ඩුබායි හෝ යුරොපීය රටකටත් පැනීමට සංජීව සැලැසුම් කරමින් සිටින බවකි. එහෙත් ඔහු එළියට එ න්නට තවමත් සිටින්නේ බියකිනි. ඒ රත්මලානම හොල්ලාගෙන දැවැන්ත දේශපාලන හයියක්ද ඇතිව සිටි ගොනා කෝවිලේ රොහාද ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට විත් බෝට්ටුවක නැගී රටින් පළායන්නට සූදානම් වූ අවස්ථාවේදී පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත් වූ බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

LOLC පස්වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

අවස්ථාවාදී වැඩක්: අභයාරාමයෙන් මහින්දානන්දට සැර උත්තරයක් (VIDEO)

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.