• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දේශීය ආර්ථික බලගන්වන්න ඔයිල් පාම් වගාව නංවමු! Sri Lanka Latest News

January 27, 2025
in Business
Reading Time: 7 mins read
A A
දේශීය ආර්ථික බලගන්වන්න ඔයිල් පාම් වගාව නංවමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අතීතයේ ශ්‍රී ලංකාවට සෞභාග්‍යය කැදවූ වගාව වූයේ කෝපිය. වසංගතයක් ලෙස පැතීරීගිය දිලීර රෝගයක් නිසා එම වගාව විනාශවීම නිසා ඒ වෙනුවට තේ හා රබර් ආදේශක වගා බවට පත්විය. Sri Lanka Latest News

අධික වර්ෂාව හා විටින් විට මිල පහත වැටීම නිසාත් අතීතයේ රබර් වලින් ලැබූ ආදායම සාපේක්ෂව අඩුවී තිබේ. කම්කරු හිගය හා නිශ්පාදන පිරිවැය ඉහල යෑම ආදිය නිසා තේ වගාව අභියෝගවලට මුහුණ පා ඇත.

අද ඉතා අඩු කම්කරු ශ්‍රමය කින් වැඩිම ආදායමක් ලැබිය හැකි බවට හදුනාගෙන ඇත්තේ ඔයිල් පාම් වගාවයි. උදාහරණයකට ඔයිල් පාම් වගාව නිසා දියුණුවට පත් මැලේසියාව ගෙන බලමු. 1960 දී මැලේසියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සාමාන්‍යය ඇමරිකානු ඩොලර් 5317.52 ක් විය. 2023 දී මැලේසියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 11379 ක් ලෙස වාර්තා විය. 2023 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 3828 ක් ලෙස වාර්තා වී තිබේ.

එළවළු තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බෝගවලින් වඩාත් කාර්යක්ෂම බෝගය, ඔයිල් පාම්ය. වර්තමානයේ වැඩි අවධානයක් යොමු වී ඇති වානිජ බෝගයක් ලෙස එය හැඳින්විය හැකිය.

ඔයිල් පාම් යනු ලෝකයේ ආහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයකි. පාන්, බනිස්, කේක්, බිස්කට්, පීසා, ඩෝනට්, උයන තෙල්, අයිස් ක්‍රීම්, චොකලට්, මාජරින්, යෝගට්, නූඩ්ල්ස්, ෆයිඩ් රයිස්, පිටි කිරි, චීස්, කුකීස්, ළදරු කිරි පිටි හා කෝලා වැනි පාන වර්ග සදහා එය යොදා ගැනේ.
එසේම ඔයිල් පාම් ඉටිපන්දම්, ටූත් පේස්ට්, සෙන්ට් වර්ග, සබන්, සේදුම් කාරක, ෂැම්පු, ලිප්ස්ටික්, සෑදීම සදහාද අත්‍යාවශ්‍ය වෙයි.

ඔයිල් පාම් වලින් කෙරෙන තවත් විශේෂිත නිශ්පාදනයක් නම් ජෛව ඩීසල්ය. ජෛව ඩීසල් යනු රසායනිකව නිර්වචනය කරනු ලබන්නේ එළවළු තෙල්, සත්ව මේද හෝ භාවිතා කළ බැදීමේ තෙල් වැනි ස්වාභාවික තෙල් වලින් ලබාගත් මෙතිල් එස්ටරයක් ​​ලෙසය. ජෛව ඩීසල් යනු පිරිසිදුව දහනය කළ හැකි, පුනර්ජනනීය, විෂ නොවන සහ ජෛව හායනයට ලක්විය හැකි ඉන්ධනයක් වන අතර එය තනිවම හෝ ඛනිජ තෙල් වලින් ලබාගත් ඩීසල් සමඟ මිශ්‍ර කර භාවිතා කළ හැකිය.

මෙවැනි විවිධ නිෂ්පාදනයන් සදහා යොදාගැනෙන ඔයිල් පාම් තාල කුලයට අයත් අප්‍රිකානු කලාපයේ වැඩි වශයෙන් දැක ගත හැකි ශාකයකි.. සමකාසන්න රටවල හා වැසි වනාන්තර සහිත ප්‍රදේශයන්හි මේ බෝගය ව්‍යාප්ත වී ඇත. තාල වර්ගයට අයත් ගස් අතරින් ඔයිල් පාම්, පොල්, රට ඉඳි,තල්, කිතුල් හා පුවක් ප්‍රධාන තැනක් ගනී.

Elaeis Guineensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය 1900 වසර මුල් භාගයේ වානිජ බෝගයක් ලෙස ලොවට හඳුන්වා දෙනු ලැබිණි.
ශ්‍රී ලංකාවට ඔයිල් පාම් වගාව හදුන්වා දෙන ලද්දේ 1968 දී නාකියාදෙණිය වතුයායේ එවකට කලමනාකාර ජෙරී වේල්ස් මහතා විසිනි.මලයාසියාවෙන් ඇනවුම්කර ගෙන්වා ගන්නා ලද ඹයිල් පාම් බීජ නාකියදෙණිය වතුයායේ දිග්දොල කොටසේ අක්කර 54 ක සමතලා භූමියක සිටවා ඇරඹී එම වගාව පසුව
ශීඝ්‍ර ලෙස වගා කරන්නට පටන් ගත් අතර, වතු වැවිලිකරුවන් අතර වඩාත්ම ජනප්‍රිය වන්නට විය.

අනෙක් බෝග හා සැසඳීමේ දී අධික අස්වැන්නක් ලැබීම, අඩු කාලයකින් අස්වැන්න ලැබීම, අවම සේවක අවශ්‍යතාව වැනි කාරණා ඊට හේතු විය. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පවතින දිනකට පැය 5 – 6ක් පමණ හිරු එළිය වැටෙන වාර්ෂිකව මි. මී. 2500-3000 දක්වා වර්ෂාපතනයක් සහිත දේශගුණික තත්ත්වයක් යටතේ කටුපොල් ශාකය මනාව වැවේ.

ඔයිල් පාම් පරිසරයට ඉතා හිතවත් දායකත්වයක් දක්වන බව තහවුරු කරන්නේ,
හෙන්සන්,අයි.ඊ. (1999) විසින් කරන ලද පර්යේෂණ වාර්තා මත පදනම්ව, සංසන්දනය කරණ විට, ඔයිල් පාම් වගාවකින් හෙක්ටයාරයකට ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් ටොන් 64.5 ක් අවශෝෂණය කර, ඔක්සිජන් ටොන් 18.7 ක් නිෂ්පාදනය කරෙන නමුත්, වනාන්තර හෙක්ටයාරයකට අවශෝෂණය කළ හැක්කේ, ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් ටොන් 42.4 ක් සහ නිෂ්පාදනය කල හැක්කේ ශුද්ධ ඔක්සිජන් ටොන් 7.1 ක් පමණක් හෙයිනි.

සෑම වැවිලි බෝගයක් සේම ඔයිල් පාම් ද ස්වභාවික ජල චක්‍රයට සක්‍රීයව දායක වේ.
රබර් ගසකට දිනකට ජලය ලීටර් 63ක් පමණද ඔයිල් පාම් ගසකට 249ක් පමණද අවශ්‍ය වේ. නමුත් හෙක්ටයාර් එකකට රබර් ගස් 520 පමණද ඔයිල් පාම් ගස් 143 පමණද වගා කෙරේ. රබර් හෙක්ටයාර් එකකට දිනකට ජලය ලීටර් 63 × 520 = 32,760 ක්ද, ඔයිල් පාම් හෙක්ටයාර් එකකට 248 × 143 = 35,178 ක් අවශ්‍ය වෙයි. මේ අනුව වෙනස 8.6 % පමණි. විද්‍යාත්මකව Evapo-transpiration මැනිය යුත්තේ ශාකයකට නොව ඒකක ප්‍රදේශයකට ය. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයට සාමාන්‍යයෙන් වසරකට මි. මී. 3500ක පමණ වර්ෂාපතනයක් ලැබේ. බෝග වගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වර්ෂාපතනය මඟින්ම ලැබෙන නිසා එම ජල වගා භූමිවල රඳවාගත හැකිය.

වාණිජව වගාකරණ යම් භෝගයක් නිසා පාංශු ඛාදනය සිදුවී ඇත්නම් එය වගාකරණ බෝගයේ වරදක් නොව වගාකරුවන් ගේ වරදකි. නියමාකාරයෙන් කාණු හා ගල්වැටි යොදා ආවරණ වගා කරන ලද භූමියක පාංශු ඛාදනය සිදු නොවේ.
අවුරුදු 200 පමණ ආයු කාලයක් ඇති ඔයිල් පාම් ගසකින් ආර්ථික පලදාව වසර 25- 30 ක් ලැබිය හැකිය.

ලොව වැඩිම ඔයිල් පාම් ආනයනය කරුවන් වන්නේ ඉන්දියාව,චීනය, පකිස්ථානය, ඇමෙරිකා එක්සත් ජනපදය හා නෙදර්ලන්තය වැනි රටවල්ය. මේ වගාවෙන් ලැබෙන වාසි සහ අධික ලාභය හේතුකොටගෙන දකුණු අමෙරිකානු රටවල් වන බ්‍රසීලය, ඉක්වදෝරය වැනි රටවල් පාම් ඔයිල් වගා ව්‍යාප්තිය අරඹා ඇත

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් හෙවත් කටු පොල් වගාව ජනප්‍රියවීමට හේතු වූයේ සමකාසන්නයේ පිහිටීමත්, හොඳින් වැසි ලැබෙන දේශගුණික තත්ත්වයන් නිසාවෙනි . රටෙහි දකුණු දිග ප්‍රදේශ ආශ්‍රිතව ආරම්භ වුන ඔයිල් පාම් වගාව, මධ්‍යම කඳුකරය, කළුතර, කෑගල්ල වැනි ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වුනි. එහෙත් වැඩි වශයෙන් කටුපොල් වගාව ව්‍යාප්ත වී ඇත්තේ දකුණු පළාතේ උඩුගම, පෝද්දල , අම්පෙගම, දිවිතුර හා නාකියාදෙණිය යන ප්‍රදේශවලය. නමුත් හෙක්ටයාර 10000 – 15000 අතර බිම් ප්‍රමාණයකට ඔයිල් පාම් වගාව සීමා වී ඇත. මේ වගාවන් සියල්ල වැවිලි සමාගම් විසින් සිදුකරන අතර, සෙසු බෝග වෙනුවට කටුපොල් වගාව ආදේශ කිරීමට වැදගත්ය.

1815 අප රට බ්‍රිතාන්‍යයන්ට යටත් වන විට මෙරට ජනග්‍රහනය ලක්ෂ 12 ක් පමණි. වර්ථමානයේ එය ලක්ෂ ලක්ෂ 210 කි. එහෙත් වැඩි වන ජනගහනයට සාපේක්ෂව අපේ කුඹුරු හෝ වෙනත් කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය වැඩිවී නැත. එසේ නම් අපි සීමිත ඉඩම් සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගත යුතු වේ. එක ඔයිල් පාම් අක්කරයකින් තේ අක්කර 5 ආධායම ලැබිය හැකිය.

අතීතයේ තේ වගාව සිදුකරන ලද්දේ බ්‍රිතාන්‍ය සමාගම් හා දේශීය ධනපති පිරිසක් විසින් පමණි. නමුත් අද වන විට වතු සමාගම් අභිබවා කුඩා තේ වතු හිමියන් සමස්ථ නිශ්පාදනයෙන් 70 % ක් නිපදවති. අවාසනාවකට ශ්‍රී ලංකාවේ අගලවත්ත ප්‍රදේශයේ හැර අන් ප්‍රදේශවල කුඩා වතු හිමියන් අතරට ඔයිල් පාම් වගාව ව්‍යාප්ත නොවුනේ නොදැනීම හා මිත්‍යා මත ප්‍රචාරය කිරීම නිසාවෙනි.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා කෘෂිකර්මය විනාශ මුඛයට ගිය ආකාරය නොරහසකි. රසායනික පොහොර තහනම හා ඔයිල් පාම් ( කටු පොල් ) තහනම ඒ අතර මුල් තැනක් ගනී.

අප රටේ සම්ප්‍රදායික ආහාරපාන සඳහා පොල් අත්‍යවශ්‍ය වෙයි. කිරි බත්,පොල් කිරි, පොල් සම්බෝල ආදිය සදහා ගා ගත් පොල් හා විවිධ බැදුන් වර්ග සදහා පොල් තෙල් භාවිතා කෙරේ.ආහාර සැකසීමේදී පොල් තෙල් පමණක් නොව වෙනත් එළවළු තෙල් ද භාවිතා කෙරෙයි. ඒවා එළවළු තෙල් ලෙස පොදුවේ හැඳින්වූවාට ඒවා නිපදවන්නේ එළවළු වලින් නොව විවිධ ධාන්‍ය වර්ග වලිනි. පොල් තෙල්, ඔයිල් පාම් තෙල්, කර්නල් ඔයිල් තෙල්, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, සෝයා බොන්චි තෙල්, ඔලිව් තෙල්, තල තෙල්, කපු තෙල්, රට කජු තෙල් හා කුංකුම තෙල් ද ඒ අතර වෙයි.

ශ්‍රි ලංකාවට ආහාර හා වෙනත් නිශ්පාදන සදහා වාර්ශිකව එළවළු තෙල් මෙටිරික් ටොන් 2,64,000 ක් පමණ අවශ්‍ය වෙයි. එහෙත් අප දේශීයව නිපදවන්නේ මෙට්‍රික් ටොන් 52,000 ක් පමණි. ඒ නිසා වාර්ශිකව එළවළු තෙල් අපනයනය සදහා අප ඇමෙරිකන් ඩොලර් මිලියන 60 ක පමණ මුදලක් වැය කරන්නෙමු.
දැනට ලෝකයේ රටවල් 153 පමණ ඔයිල් පාම් නිශ්පාදන පාරිභෝජනය කරණ අතර ලොව රටවල් 40 ක් පමණ ඔයිල් පාම් වගා කරනු ලැබේ. ලොව ඔයිල් පාම් වගාව තහනම් කල එකම රට ශ්‍රී ලංකාව පමණක් වීම ලැජ්ජාවට හා කණගාටුවට කරුණකි.

ඔයිල් පාම් වගාවෙන් ප්‍රතිලාභ ලබන්නේ වගාකරුවන් පමණක් නොවේ. කම්කරුවන් ද ඉන් පල ප්‍රයෝජන ලබති. නාකියාදෙණිය ඔයිල් පාම් කම්හලේ කම්කරුවන් විසිපහක් පමණ ( 2023 ) සිය වැටුපට ආදායම් බදු ගෙවා ඇත.

වර්තමානයේ උද්ගතව ඇති පොල් ප්‍රශ්නය සලකා බලමු. දේශීය පාරිභෝජනය සදහා මෙන්ම අපනයනය සදහා ද අවශ්‍ය පොල් ප්‍රමාණය සපයා ගැනීමට නොහැකි වීම නිසා ඒවායේ හිගයත් මිල ඉහළ යෑමත් සිදුව ඇත. වසරකට පොල් තෙල් නිශ්පාදනය (2020 ) මෙට්‍රික් ටොන් 19,759 කි. පොල් වගාකර ඇති හෙක්ටයාර් ප්‍රමාණය 4,39,000 කි. (1988 මහ බැංකු වාර්තාව අනුව) වර්ෂයකට ඔයිල් පාම් නිශ්පාදනය මෙට්‍රික් ටොන් 24,567 කි. වගාකර ඇති හෙක්ටයාර් ප්‍රමාණය 12,000 කි. මේ අනුව අඩුම ඉඩම් ප්‍රමාණයකින් වැඩිම පලදායිතාවය ලැබිය හැකි ඔයිල් පාම් වලට බව පැහැදිලිය.බැදුන් ආදියට ඔයිල් පාම් යොදා ගැනීමට හැකිවීම නිසා පොල් තෙල් අඩුව පරිමසා ගැනීමට හැකිවේ. එවිට දැනට පවත්නා අධික පොල් මිල පහළ හෙලීමටත් හැකි වෙනු ඇත. එනිසාම පොල් නිශ්පාදන වැඩි පුර අපනයනය කිරීමේ හැකියාවද ලැබෙනු ඇත.

අපට තේ, රබර් හා පොල් සදහා රාජ්‍ය පර්යේෂණ ආයතන ඇත. දැන් කලයුතුව ඇත්තේ ගෝඨාභය ආණ්ඩුව ගත් වැරදි තීරණය නිවැරැදි කර මැලේසියාව වැනි රටවල මෙන් මෙරට ද ඔයිල් පාම් පර්යේෂණ ආයතනයක් පිහිටුවා සෞභාග්‍යය කැදවන ඔයිල් පාම් වගාව නගා සිටුවීමට කටයුතු කිරීමයි.

සෝමදාස අබේවික්‍රම.

SendShareShare
Previous Post

ආචාර්ය තනතුරක් නිසා කතානායකකම නැතිකර ගත් අශෝක රන්වල කාලෙකට පස්සේ එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රශ්නෙ ඉවරයි කිව්වා! පෝලිම් නෑ කිව්වා! අන්න ආයෙත් පාස්පෝට් පෝලිම ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.