ශ්‍රී ලංකාවේ ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings හි ප්‍රථම කොටස් නිකුතුව (Initial Public Offering – IPO) පිළිබඳ උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙනුවෙන් 2021 ජූලි 08 දින පවත්වන ලද විශේෂ අතථ්‍ය සමුළුවක් (Virtual Forum) සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රථම කොටස් නිකුතුව නිල වශයෙන් දියත් කිරීමද එදින සිදුකරන ලද අතර, මෙම අවස්ථාවට Zoom, Facebook Live සහYouTube Live ඔස්සේ විශාල පිරිසක් එක්වූහ. මූල්‍ය විශ්ලේෂකයන් සහ අරමුදල් කළමනාකරුවන් ඇතුළුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු මෙම අතථ්‍ය සමුළුවට සහභාගි වූ අතර එහිදී සමාගමේ ව්‍යාපාරික මෙහෙයුම්, මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ වර්ධන දිශානතිය ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
CAL සමාගම සහ NDB Investment බැංකුව මගින් කළමනාකරණය කරනු ලබන මෙම මූලික කොටස් නිකුතුව තුළදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 82,904,846 ක් නිකුත් කෙරෙනු ඇත. කොටසක වටිනාකම වන රු. 32.70 ට සාපේක්ෂව ආයෝජකයන්ට මෙම කොටස් නිකුතුව තුළදී 21% ක වාසියක් අත්විඳිමින්, කොටසක් රු. 27.00 බැගින් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.