ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වූ දත්ත උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පනස් හයක් ඉදිරි සති තුනක කාලය තුල මෙරටට ලබා දෙන බවයි.
එම තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක මේ බව දැක්වෙයි.
කෙසේවෙතත් දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ලොව එන්නත්කරණය අතින් ඉහළම සිටින රට වන්නේ ඉක්වදෝරයය.
එම වාර්තාවේ ලංකාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයය.
🇱🇰🚀 Vaccination Rocket launching!#SriLanka is now leading the #vaccination speed in the world!
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 18, 2021
Within next 2-3 weeks, another 5.6 million doses of #Sinopharm #vaccine will arrive in 3 batches.
Ammunition supply guaranteed! pic.twitter.com/Dw7BxdPlY0