• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලංකා බැංකුවෙන් වැඩි පොලියක් සහිත ආයෝජන අවස්ථා…

July 31, 2022
in Business
Reading Time: 3 mins read
A A
ලංකා බැංකුවෙන් වැඩි පොලියක් සහිත ආයෝජන අවස්ථා…
Share on WhatsAppShare on Facebook

රටක් මෙන්ම පෞද්ගලික වශයෙන්ද යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට ඉතිරි කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ඉතිරි කිරීම අතීතයෙ සිටම අපට ඉතා හොඳින් හුරු පුරුදු සංකල්පයක් බව පැවසිය යුතුමය. ලාභ ලැබෙන ක්‍රමවේද සඳහා ආයෝජනය මෙන්ම යම් කෙනෙකු සතුව ඉතුරුම් සංචිත පැවතීම ද ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ඉතා වැදගත් වේ. එමෙන්ම ඉතිරි කිරීමේ දී පෞද්ගලිකව අප සියලු‍ දෙනාම අපගේ ආදායම් සහ වියදම් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර, තම මූලික අවශ්‍යතා හඳුනාගනිමින්, ආදායම් හා වියදම් නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමට කටයුතු කිරීම ද ඉතා වැදගත් වේ.

‘ජාතියේ මහා පහන් ටැඹ‘ ලංකා බැංකුව දිනෙන් දින සිය ස්ථාවරත්වය ඉහළ නංවා ගනිමින් දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශිෂ්ට වූ මූල්‍ය සේවාවන් මෙන්ම නව ආයෝජන අවස්ථා හඳුන්වා දීමට කටයුතු කරන බව පැවසිය යුතුම කරුණකි. එම නිසාම මෙරට ජනතාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ මෙන්ම, ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ලංකා බැංකුව, නව ස්ථාවර තැන්පතු ගිණුම් කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිණුම්වලට වඩා වැඩි වාර්ෂික පොළියක් ලබා දෙන මෙම නව BOC ස්ථාවර තැන්පතු ගිණුම් මගින් ගනුදෙනු කරුවන් අයෝජනය කරන මුදල වර්ධනය කරමින් අද්විතීය ප්‍රතිලාභ රැසක් ලබාදීම විශේෂිතය.

ලංකා බැංකුව හඳුන්වා දුන් ‘100 Days Investments’ ස්ථාවර තැන්පතුව, ඉහළ ප්‍රතිලාභ රැසක් ඉතා කෙටි කලක් ඇතුළත දී ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන්නා වූ ස්ථාවර තැන්පතු ගිණුමක් වන අතර, වර්තමානය වන විට එමගින් ලබා දෙන ප්‍රතිලාභ වැඩි කිරීමට ලංකා බැංකුව කටයුතු සලසා ඇත. ‘100 Days Investment‘ ස්ථාවර තැන්පතුවේ විශේෂත්වයක් වන්නේ ගනුදෙනුකරුවන් විසින් ඉතිරි කරනු ලබන මුදලට ඉහළ පොළියක් සමඟ කෙටි කලකින් ඉහළ ම ප්‍රතිලාභ, හා පූර්ණ සුරක්ෂිත භාවයක් ලැබීමයි. එමෙන් ම රුපියල් 500,000 – 1,499,999, රුපියල් 1,500,000 – 2,499,999 සහ රුපියල් 2,500,000 සිට ඉහළට ආදී වශයෙන් සුවිශේෂ ආයෝජන අවස්ථා 3ක් යටතේ ආරම්භ කළ හැකි මෙම ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය මගින් ආකර්ෂණීය පොලියක් ලබා දීමටද කටයුතු කරන අතර, ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දෙන ඉතා සුරක්ෂිත, විශ්වසනීය හා කෙටිකාලීන ආයෝජන සැලැස්මක් වශයෙන් ද එය හැඳින්විය හැකිය. රුපියල් 500,000 කින් ඇරඹිය හැකි, ලංකා බැංකුවේ ‘200 Days Investment‘ ස්ථාවර තැන්පතුව ද ඉතා සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන ස්ථාවර තැන්පතු ගිණුමකි. ආයෝජනය කරන මුදල වැඩි කර දෙන මෙම ස්ථාවර තැන්පතුව ද රුපියල් 500,000 – 1,499,999, රුපියල් 1,500,000 – 2,499,999 සහ රුපියල් 2,500,000 සිට ඉහළට ආදී වශයෙන් සුවිශේෂ ආයෝජන අවස්ථා 3ක් යටතේ ආරම්භ කළ හැකිය. ලංකා බැංකුව සමග ගනුදෙනු කිරීමේදී ලැබෙන උපරිම විශ්වාසය හා පූර්ණ ආරක්ෂාව මෙන්ම වෙළෙඳපොළ ඉහළම වාර්ෂික පොළිය නිසාම ගනුදෙනුකරුවන්ට මෙම ‘200 Days Investment‘ ස්ථාවර තැන්පතුව මගින් ඉතා සුවිශේෂ ඉතුරුම් අත්දැකීමක් ලබාගත හැකිය.

ආයෝජනය කරන මුදල වසර 4 න් දෙගුණ කරන ස්ථාවර තැන්පතු ගිණුමක් ලෙස ලංකා බැංකුව හඳුන්වාදෙන ‘BOC Double Your Investment‘ ස්ථාවර තැන්පතු ගිණුම හඳුන්වා දිය හැකිය. අවමය රුපියල් 1,000,000 කින් ඇරඹිය හැකි මෙම ස්ථාවර තැන්පතුව ඉහළ වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙන අතර, වසර 4ක ආයෝජන කාලසීමාව අවසානයේ ඉතිරි කළ මුදල මෙන් දෙගුණයක් ආපසු ලබාගැනීමේ හැකියාව ලබාදෙයි. එමෙන්ම ආයෝජන කාලසීමාව තුළ තැන්පතුව මත 90%ක ක්ෂණික ණය පහසුකමක් ලබාගත හැකි වීමද මෙහි ඇති විශේෂත්වයකි.

මෙම ස්ථාවර තැන්පතු පිළිබඳව අදහස් දක්වමින්, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා මහතා ප්‍රකාශ කළේ, “ලංකා බැංකුව මේ රටේ ජනතාව ඉතිරිකිරීමට හුරුකරවීම වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කරන ආයතනයක්. ඒ වගේම අප හඳුන්වා දෙන නව ඉතුරුම් සැලසුම් හරහා ගනුදෙනුකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දිමටත් අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. දිනෙන් දින වෙනස් වන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව වගේම, වෙළෙඳපොළ ප්‍රවණතා පිළිබඳවත් ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන ලංකා බැංකුව හඳුන්වා දී තිබෙන ‘100Days Investment, 200 Days Investment සහ ‘BOC Double Your Investment‘ යන ස්ථාවර තැන්පතු ගිණුම් මගින් ඉතා සුවිශේෂ ඉතුරුම් අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත ලබාදෙනවා. මෙවැනි ආයෝජන සැලසුම්වල මුදල් තැන්පත් කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් වගේම බුද්ධිමත් තීරණයක් බව පැවසුවොත් මා නිවැරදියි.

ගනුදෙනුකරුවන් මහන්සියෙන් උපයන මුදල් කෙටි කාලයක් තුළ වර්ධනය කර ගැනීමේ අවස්ථාව ලබාදෙන නිසාම මෙවැනි ආයෝජනයන් වර්තමාන ආර්ථික තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ඔවුන්ට පහසුකම් සලසනවා. මෙම ස්ථාවර තැන්පතු ගිණුම් මගින් ගනුදෙනුකරුවන්ගේ ආර්ථික මට්ටම වගේම රටේ ආර්ථික සංවර්ධනයටත් ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා.”‍

ලංකා බැංකුව, එක්සත් රාජාධානියේ The Banker සඟරාව විසින් 2021 වසරේ දී ‘ ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව‘ ලෙස නම් කෙරුණු අතර, 2012 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව, ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛතම බැංකු 1,000 අතරට ලැයිස්තුගත වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමානය වන විට රුපියල් ටි්‍රලියන 4කට අධික වත්කම් පදනමකට සහ රුපියල් ටි්‍රලියන 3කට අධික තැන්පතු පදනමකට හිමිකම් කියන ලංකා බැංකුව මෙරට ශක්තිමත්ම බැංකුව ලෙසින් නම් කළහොත් එය නිවැරදිය. ගනුදෙනුකරුවන්ට රටේ ඕනෑම තැනක සිට, සතියේ දින 7ම පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගැනීමේ පහසුව සලසා ඇති ලංකා බැංකුව Online Banking සහ Mobile Banking ඇතුළු තවත් නවතම ඩිජිටල් සේවාවන් රැසක් සමගින් දේශීය බැංකු ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සමත් වී ඇත. 640 කට අධික ශාඛා ජාලයකින් සහ දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1400කට අධික ATM/CDM හා CRM ජාලයකින් සමන්විත ලංකා බැංකුව සිය ප්‍රථම විදේශීය අනුබද්ධිත ආයතනය ලෙස BOC ලන්ඩන් ශාඛාව ආරම්භ කළ අතර, ඉන් පසුව මාලේ, චෙන්නායි, හුලු‍මාලේ සහ සීෂෙල්ස් දක්වා සිය විදේශීය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට සමත් විය. එමෙන්ම ලංකා බැංකුව ජාත්‍යන්තර බැංකු සමග දශක ගණනාවක් පුරා ගොඩනඟාගෙන ඇති විශ්වාසය සමගින් වර්තමානය වන විට විදේශීය බැංකු සහ විනිමය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් සමග සබඳතා පවත්වාගෙන යන බවද පැවසිය යුතුම කරුණකි.

SendShareShare
Previous Post

ජපානයද? නිමල් සිරිපාලද? ‘තායිසෙයි’ අල්ලස් චෝදනාව ගැන හොයන්න රනිල් පත්කළ කමිටුවේ වාර්තාව එළියටත් ඇවිත්!

Next Post

රනිල් පත්කළ කමිටු වාර්තාව එළියට එද්දී මිලියන 200ක අල්ලස් චෝදනාවක් ගැන නිමල් සිරිපාලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් එයි! (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.