ශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම තම සිමෙන්ති නිෂ්පාදන පරිමාව අඛණ්ඩව ඒ ආකාරයෙන්ම වෙළෙඳපොළට සැපයීමට සමත්වී ඇති අතර, ඒ සඳහා තම නිෂ්පාදන කටයුතු උපරිම ධාරිතාවට ගෙන ඒමට කටයුතු කර ඇත.
මෙරට ප්‍රමුඛ පෙළේ සිමෙන්ති ආනයනකරුවන් කිහිප දෙනෙකුම වර්තමානයේ පවතින සිමෙන්ති ඉල්ලුම සපුරාලීම සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට රට තුළ පවතින සිමෙන්ති හිඟය අවම කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම මෙම පියවර ගෙන තිබේ.











