• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉන්දියාවේ මහින්ද්‍ර සමාගම සංවිධාන කළ ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක් ! Sri Lanka Latest News

January 29, 2025
in Business
Reading Time: 4 mins read
A A
ඉන්දියාවේ මහින්ද්‍ර සමාගම සංවිධාන කළ ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ මෙරට බලයලත් අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ 2024 වසර සඳහා පවත්වනු ලැබූ ගෝලීය තරගාවලියකදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. Sri Lanka Latest News

මෙම තරගාවලිය සඳහා Mahindra & Mahindra සමාගමේ නිෂ්පාදනයන් අලෙවි කරන රටවල් 23ක සහභාගිත්වයෙන් පැවති අවසන් මහා තරගාවලියේදී අයිඩියල් මෝටර්ස් සමාගම නියෝජනය කළ තරගකරුවන් සම්මානයට පාත්‍ර විණි.

මෙම තරගාවලිය සෑම වසර දෙකකට වරක් ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකි. මෙම තරගාවලියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ලොව පුරා සිටින මහින්ද්‍රා සමාගමේ විකුණුම් සහ සේවා පුද්ගලයින්ගේ කුසලතා අගය කිරීමයි.

2024 වසර සඳහා වන අවසන් තරගය පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. මෙම නිපුණතා තරගය අදියර තුනකින් පැවැත්වුණු අතර පළමු අදියර දේශීය මට්ටමින්, දෙවන අදියර කලාප මට්ටමින් සහ අවසාන තරගය ගෝලීය මට්ටමින් පැවැත්විණි. රටවල් 23 ක සාමාජිකයින් 1300 කට අධික පිරිසක් දේශීය මට්ටමේ තරගයට සහභාගී වූ අතර මෙහිදී, අයිඩියල් මෝටර්ස් දීපව්‍යාප්ත වැඩමුළු සහ අලෙවි ප්‍රදර්ශනාගාරවල සේවකයින් දේශීය මට්ටමේ තරගයට සහභාගී විය. ඒ අතරින් 7 දෙනෙක් කලාප වටයට සුදුසුකම් ලැබූ අතර කලාප වටයේ තරගය සඳහා රටවල් 23 කින් සාමාජිකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ. අයිඩියල් මෝටර්ස්හි සාමාජිකයින් 5 දෙනෙකු ඉන්දියාවේ පැවති අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

වාණිජ කාර්මික (Commercial Technician), දෝෂ විනිශ්චය කාර්මික (Diagnostic Technician), සේවා උපදේශක (Service Advisor), විකුණුම් උපදේශක (Sales Consultant)  යන කාණ්ඩ යටතේ තරග වැදුනු අයිඩියල් මෝටර්ස් සමාගමේ තරගකරුවන්ට මෙම සම්මාන හිමි විය. මෙහිදී වාණිජ කාර්මික අංශයේ ජයග්‍රාහක කේ. ඒ. ඩී. එන්. චාමර (Ideal රත්මලාන සේවා ස්ථානය), 1වන අනුශූරතාව වාණිජ කාර්මික අංශයේ ඒ. එම්. ටී. යූ. අත්තනායක ( Ideal වනවාසල සේවා ස්ථානය), 1වන අනුශූරතාව SUV විකුණුම් උපදේශක ඕ. එම්. ආර්. ඩීන් (Ideal ආයතනික විකුණුම් ප්‍රධානී) 2වන අනුශූරතාව  එස්. සතුර්ෂාන් (Ideal යාපනය සේවා ස්ථානය) සම්මානවලින් පිදුම් ලැබීය. මීට අමතරව සුබෝධ වීරසේකර (Ideal රත්මලාන සේවා ස්ථානය) තරගාවලිය නියෝජනය කරනු ලැබීය.

පාරිභෝගිකයාගේ සෞභාග්‍ය යන තේමාව මූලික කරගත් අයිඩියල් මෝටර්ස් සමාගම ලැබූ මෙම සම්මාන තුළින් සිය පාරිභෝගියන් වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී සේවාව මෙමගින් මනාව පිළිබිඹු වේ. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ  මගපෙන්වීම යටතේ අයිඩියල් මෝටර්ස් සමාගම නව වෙළෙඳ රථ පාරිභෝගියන් හට සේවාවන් සැපයීමට 300 කට අධික සේවා බලකායක් ස්ථාපිත කර ඇති අතර තවද අයිඩියල් මෝටර්ස් සමාගමෙහි සහෝදර සමාගමක් ලෙස අයිඩියල් ෆස්ට් චොයිස් නාමය යටතේ අලුත්වැඩියා ස්ථාන දිවයින පුරා පිහිටුවා ඇත.

ශ්‍රී ලාංකීය සැහැල්ලු වෙළෙඳ රථ කාණ්ඩයේ ප්‍රමුඛයා වන අයිඩියල් මෝටර්ස් සමාගම තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2019 වර්ෂයේදී පාරිභෝගික සේවා අංශයේ මෝටර් රථ අංශය සඳහාද යොමු විය. මේ සඳහා කලුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කර්මාත්තශාලාවක් ආරම්භ කෙරිණි. එහිදී මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්ථාපිත කර මහින්ද්‍රා KUV100 Mini SUV මෝටර් රථය සහ මහින්ද්‍රා බොලෙරෝ රථය මෙරට එකලස් කිරීම ආරම්භ කරනු ලැබීය. මෙම අංශයේ පාරිභෝගිකයන් සඳහාද දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පාරිභෝගික රථ සඳහා විධිමත් ලෙස අලෙවියෙන් පසු සේවාවක් සැපයීමට සේවා ස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබීය.

තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් නිරතුරුව සපුරාලමින් සාර්ථකත්වය වෙත ගමන් කිරීම අයිඩියල් මෝටර්ස් සමාගමේ අභිප්‍රාය වේ.

ඡායාරූපය
අයිඩියල් මෝටර්ස්හි ඉන්දික වෙදගේ, සුබෝධ වීරසේකර, සිවරාසන් සතුර්ෂාන්, නුවන් චාමර, ඉරුක අත්තනායක, ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ ජාත්‍යන්තර තොරතුරු ප්‍රධානී සහ රථවාහන අංශය සචින් අරොල්කාර්, රිෂ්ඩි ඩීන්, ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ ශ්‍රී ලංකා පාරිභෝගික සේවා කළමණාකරු, ප්‍රියදර්ශන් මාරිෂ්, ප්‍රසන්න මනම්පේරි, සමීර බමුණුආරච්චි යන මහත්වරුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

SendShareShare
Previous Post

එහෙම නීති ප්‍රතිපාදනයක් නෑ! පාස්කු නඩුවේදී පූජිත් සහ හේමසිරි වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි! Sri Lanka Latest News

Next Post

විජිත සභාපති කළා! බිමල් ඇමැති වුණා! රමාල් ගෙදර ගියා! ඔන්න ඕක තමයි ප්‍රශ්නේ! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.