• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජිත සභාපති කළා! බිමල් ඇමැති වුණා! රමාල් ගෙදර ගියා! ඔන්න ඕක තමයි ප්‍රශ්නේ! Sri Lanka Latest News

January 29, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ලංගම සභාපති රමාල් ඉල්ලා අස්වෙලා? තමන්ට ඕනෙ විදිහට වැඩ නැත්නම් යන්න කියල ඇමතිතුමා නොකියා කියලද? I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ආයතනයක වත්මන් රජය විසින් පත් කරන ලද තවත් සභාපතිවරයෙකු ඉල්ලා අස් වී ඇති අතර, එය මාසයකට ආසන්න කාලයක් ඇතුළත වත්මන් රජය පත් කළ සභාපතිවරයෙකු සිය ධූරය හැර ගිය දෙවන අවස්ථාව ය.Sri Lanka Latest News

ඒ අනුව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන බීබීසී සිංහල සේවයට තහවුරු කළේ ය.

පසුගිය දෙසැම්බර් මාසයේදී ජාතික රූපවාහිනීයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ, බිමල් රත්නායක ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදාත්මක හේතුවක් මත යැයි සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.

ඒ පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් විමසීමක් කළ විට ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, එවැන්නක් සිදුව නොමැති බවත් පෞද්ගලික හේතුවක් මත සභාපතිවරයා ඉල්ලා අස්වී ඇති බවත් ය.

සිව් වරක් ලංගම සභාපති වූ රමාල් සිරිවර්ධන කවුද?

රමාල් සිරිවර්ධන අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ.

සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසිනි.

1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ඔහු එම ධූරය නොදැරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තෙක් කාලය තුළ පමණි.

තව ද ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂයෙකු ලෙස ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ද ලබා දී තිබිණි.

මීට පෙර සභාපති ධූරයෙන් ඉවත් වීම

2019 වසරේදී රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සැක සහිත රක්ෂණ ගනුදෙනුවක් පිළිබඳ චෝදනාවක් ද ඔහුට එල්ල වී තිබිණි.

එම චෝදනාවලින් පසුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සමග ඇති කර ගත් මතභේදයක් හේතුවෙන් ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

එහෙත්, එම අවස්ථාවේ ද ඔහු මාධ්‍යයට පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

වට්ස්ඇප් කෙටි පණිවිඩ ඔස්සේ දුන් පිළිතුරු

මෙවර සභාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව විමසීමට දුරකතනය ඔස්සේ ඔහු ඇමැතීමට ගත් උත්සහය සාර්ථක වූයේ නැත.

එහෙත්, ඉල්ලා අස්වීම පිළිබඳව විමසමින් වට්ස්ඇප් ඔස්සේ බීබීසි සිංහල සේවය යොමු කළ කෙටි පණිවිඩ කිහිපයට පිළිතුරු ලැබිණි.

“අතිශය පෞද්ගලික කරූණක් නිසා ඉල්ලා අස්වූ” බවට අප යොමු කළ කෙටි පණිවිඩයට පිළිතුරු ලෙස ලබා දී තිබිණි.

බිමල් රත්නායක ඇමැතිවරයා සමග මත ගැටුමක් සිදුවු බවට පැතිර යන රාවය ගැන ද අපි ඔහුගෙන් විමසීමු.

“කිසිදු මත ගැටුමක් ඇති නොවිණි,” යැයි වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවිඩයකින් පිළිතුරු දුන්නේ ය.

“මා මෙම රජය බලයට පත්කිරීමට ගම්පහ ආසනයේ ඉතාමත් ම ක්‍රියාකාරීව පසුගිය අවුරුදු තුනේදි ම වැඩ කළේ කිසිදු තනතුරක් අපේක්ෂාවෙන් නෙමෙයි,” කෙටි පණිවිඩයකින් පිළිතුරු ලබා දෙනු ලැබුවේ නැවත රජයේ වෙනත් තනතුරක් ලබා දුනහොත් බාර ගන්නේ දැයි බීබීසි සිංහල යොමු කළ පැනයට ය.

අමාත්‍ය බිමිල් රත්නායක සමග කටයුතු කරන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා ද? ඔහු ඔබට ඉල්ලා අස්වන්න කිව්ව ද? යනුවෙන් අප යොමු කළ කෙටි පණිවිඩවලට ඔහුගෙන් පිළිතුරු ලැබුණේ නැත.

අලුත් සභාපති කවුද?

රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලංගම සභාපති ධූරයට පත්වන නව සභාපති කවුදැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.

එහදී ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.

රූපවාහිනී සභාපති ඉල්ලා අස්වුණේ ඇයි?

පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා, මාස තුනකට ආසන්න කාලයක් දැරූ රූපවාහිනී සභාපති ධූරයෙන් සෙනේෂ් දිසානායක බණ්ඩාර ඉල්ලා අස්විය.

ඉල්ලා අස්වීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සටහන් කර තිබුණේ එම තනතුර භාර ගනු ලැබුවේ මාස තුනක කාලයක් සඳහා පමණක් බව ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ආරාධනයකට අනුව 2025 නව වසරේ සිට තවත් ජාතික වගකීමක් දරමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි ද සෙනේෂ් දිසානායක එම සටහනේ සඳහන් කර තිබිණි.

එහෙත්, ඔහු රජයේ වෙනත් තනතුරක් හෝ වගකීමක් භාර ගත් බවට මෙතෙක් දැන ගැනීමට නැත.

BBC සිංහල

SendShareShare
Previous Post

ඉන්දියාවේ මහින්ද්‍ර සමාගම සංවිධාන කළ ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක් ! Sri Lanka Latest News

Next Post

මේ ආණ්ඩුව CID එක ‘චෙකා පොලිස්’ එකක් කරලා! CIDයේ ගෞරවය කෙලෙසලා! ජනාධිපතිගේ-ආරක්ෂක ඇමැතිගේ-පොලිස් ඇමැතිගේ බලයට යටත් කරලා! නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කරනවා! දැන් මේක ‘ජුන්ටාවක්’ වෙලා! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.