IBM විසින් පසුගියදා පවත්වනු ලැබූ වට මේස සාකච්ඡාවකදී දෙමුහුන් අවකාශය (hybrid cloud ) සහ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ක්‍රියාත්මක වන උපාය මාර්ගික සැලැස්මක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. Covid – 19 වසංගතය තුළින් නැගී සිටීම වෙනුවෙන් සංවිධානයන් තම ව්‍යාපාරයන් යළි සකස්කර ගනිමින් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ ව්‍යාපාරයන් වෙත නැවත පණ දීමට කටයුතු කරමින් සිටින හෙයින් නව සාමාන්‍යකරණය වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබාදීමට IBM විසින් සිය කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමටත්, hybrid cloud වෙත මාරුවීමටත්, සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම තොරතුරු තාක්ෂණ ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීමටත් පියවර ගෙන ඇත. මෙම උපාය මාර්ගයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ප්ලැටිනම් IBM ව්‍යාපාරික හවුල්කරුවකු වන PMsquare සමඟ සිය ගෝලීය හවුල්කාරීත්වය තව දුරටත් දීර්ඝ කරන බවද IBM නිවේදනය කරන ලදී. වෙළෙඳපොළ තුළ සිටින ගනුදෙනුකරුවන් සමග එක්ව සම නිර්මාණ සහ සම නව්‍යකරණ කටයුතු සඳහා දත්ත හා ව්‍යාපාර විශ්ලේෂණ විසඳුම් වෙනුවෙන් IBM සමඟ PMsquare කටයුතු කරනු ඇත. IBM වසර 58කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා කර්මාන්තයන්හි තාක්ෂණික දියුණුව වෙනුවෙන් කටයුතු කරන ප්‍රධාන හවුල්කරුවෙකු වේ.











