තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර ගෙන පක්ෂයේ සහ තමාගේ ප්‍රතිරූප ගොඩනගා ගැනීම මෙන්ම සමාජ මාධ්‍ය හරහා බොරු ස්ථාපිත කිරීමට හැකියාව තිබුණත් එවැනි පුහු දේවල් නොකර සැබවින්ම ජනතාවට සේවයක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
දිට්වා කුණාට සමයේ විපතට පත් ජනතාව වෙනුවෙන් එක එක දේවල් දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොකර දුකට පත් ජනතාව එක්ක සමාජ මාධ්‍ය තුළ පොටෝ විඩියෝ දැමීමට රජයේ පාර්ශ්වය කටයුතු කළ බවත් අදටත් දිට්වා නිසා අසරණ වූ ජනතාව තවත් අසරණ වී ඇති බවත් අදටත් වගා හානි දේපල හානි ජීවිත හානි විකල්ප ඉඩම් හා නිවාසවලට උත්තර නොමැති බවත් 2019 සේම 2024 ද මැතිවරණ සමයේ රැවටුනත් දැන් දිනපතම ජනතාව මාලිමාවට රැවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හොරොව්පතාන වගොල්ලාගොඩ බෝධිරුක්ඛාරාම මහා විහාරයේ සුවිසල් ධර්ම ශාලාව ගොඩනැගීම වෙනුවෙන් මුල් ගල් තැබීමේ අවස්ථාව හා එක්වෙමිනි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රු.215000ක් වටිනා සිමෙන්ති කොට්ට 100ක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී
ගොවිතැනේ නියැලෙන ජනතාවගේ වී කිලෝවට රු.150ක් දි ගොවියා රජකරවනවා ගොවියා දෙවියා යැයි පැවසුවත් අද ගොවියා කසිප්පුකාරයන් බවට පත් කර අපහාස කර අවලාද නගන බවත් අද පාර්ලිමේන්තුවේ ගොවියා ගැන කතා කරන්න පවා තහනම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2/3යි ජනාධිපතිකමයි දුන්න ගොවියා අද අපහාස විදිනවා
වී කිලෝවක් සඳහා රු.137ක් වැයවන බවට කෘෂිකර්ම ඇමති කිව්වත් ඒ ඇමතිම වී සඳහා දෙනනේ රු.120ක මිලක් බවත් අදටත් රු.17ක් පාඩු බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනාධිපතිකමයි 2/3යි දුන්නේ සහන ගන්න වුනත් අද ගොවියාට සිදුව ඇත්තේ අපහාස විදින්න බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අද රජයේ ගබඩා පිරී ඇත්තේ රට හාල්වලින්
අගනුවර ටයිකෝට් දමා ගෙන වී මිල තීරණය කරන අයට ගොවි ගැටලු නොතේරෙන බවත් පොහොර මිල තෙල්මිල කෘෂි රසායන මිල බාල සේම ඉහළ ගොස් ඇති බවත් අලි මිනිස් ගැටුම මැද පවා වී ගොවිතැන් කලත් රජයේ ගබඩා රට හාල්වලින් පුරවා ඇති බවත් රජයට මේ ගැටලුවලට විසදුම් දෙන්න වුවමනා නැති වුවත් ගොවි දුක දන්න තමා ගොවි ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

























