තාක්ෂණික උපාංග නිර්මාණයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතරට Huawei Nova 7i හඳුන්වා දෙමින් තාක්ෂණික වෙළෙඳපොළ තුළ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සමත් විය. Nova පවුලේ ස්මාර්ට් දුරකථන අතරට මෙලෙස හඳුන්වා දුන් Huawei Nova 7i අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ආකර්ෂණීය ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.
ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇති Huawei Nova 7i Nova පවුලේ අනෙකුත් ස්මාර්ට් දුරකථන මෙන්ම අලංකාර matte පෙනුමකින් යුක්ත වන අතර භාවිතයට සහ අල්ලා ගැනීමට පහසු aluminum frame පදනම් කර ගනිමින් නිපදවා ඇත. Huawei Nova 7i හි අඟල් 6.4ක් තරම් වූ dew drop තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර මේ හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත.
Lite-flagship මාදිලියේ විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 7iys 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව, 2MP macro සහ 2MP depth කැමරාවලින් සමන්විත Quad AI කැමරා පද්ධතිය හේතුවෙන් ඉතා අලංකාර සහ විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ.











