සිය පාරිසරික තිරසාර ගමන් මාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ගණනය කිරීමට, වාර්තා කිරීමට සහ අවම කිරීම සඳහා මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ කැපවීම ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා දේශගුණික අරමුදල විසින් බැංකුවට ISO 14064 සහතිකය පිරිනමා ඇත.
ගෝලීය වශයෙන් පිළිගත් ISO 14064-3:2018 ප්‍රමිතීන්ට අනුකූලව HNB හි ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි ශාඛා 252 ඇතුළුව සමස්ත බැංකුව ආවරණය කරමින් සිදු කරන ලද ස්වාධීන තක්සේරුවකින් පසුව මෙම පිළිගැනීම හිමි කරගැනීම විශේෂිතය.
එමෙන්ම HNB සිය හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ටරි පිළිබඳ බැංකුව පුරා පුළුල් තක්සේරුවක් සිදු කළේය. ISO 14064-1: 2018 ප්‍රමිතීන්ට අනුකූලව Climate Smart Initiatives ආයතනය විසින් එය සිදු කරන ලදී- මෙහිදී බැංකුවේ 2021 වසර සඳහා කාබන්ඩයොක්සයිඩ් (CO2) ටොන් 9,592ක කාබන් පියසටහනක් සිදුව ඇති බව අනාවරණ විය. මෙම විගණනයෙන් පසුව HNB හට ‘Carbon Conscious Certificate’ පිරිනමන ලදී.