කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) සමාගම් සමත්ව ඇති අතර ඔවුන් පවසන්නේ එන්නත මගින් 90%ට වැඩි පිරිසකට කොවිඩ්-19 වළක්වාගත හැකි බව මූලික විශ්ලේෂණයකින් හෙළිවී ඇති බවයි.
“අද විද්‍යාවට හා මනුෂ්‍යත්වයට විශිෂ්ට දවසක්, අපගේ කොවිඩ් එන්නතේ තුන්වන අදියරේ අත්හදා බැලීම් මගින් කොරෝනා වැළැක්වීමට එන්නතට ඇති හැකියාව පිළිබඳ මූලික සාක්ෂි සපයයි…” යනුවෙන් ෆයිසර් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඇල්බට් බෝලා පැවසීය.
මෙම එන්නත ලබාගැනීමෙන් දින 28 කට පසු එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන අතර එය මාත්‍රා දෙකකින් සමන්විත වේ.
එක් මාත්‍රාවක් එන්නත් කර සති තුනකින් පසුව අනිත් මාත්‍රාව එන්නත් කරනු ලබයි. දෙවන මාත්‍රාවෙන් දින හතකට පසු කොරෝනා රෝගයෙන් ආරක්ෂාව ලබාගත හැකි බවද ඔවුහු පවසති.