ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි.
ඒ යටතේ මාර්තු 23 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා වයස අවුරුදු 16ට අඩු සියලුම HNB සිඟිති සහ ළමා ගිණුම් හිමියන් වෙත වටිනා තෑගි හා සුවිශේෂී ප්‍රතිලාභ රැසක් HNB විසින් හිමි කර දෙනු ඇත.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ HNB තැන්පතු ප්‍රධානී විරංග ගමගේ මහතා සඳහන් කර සිටියේ “අපගේ බාලවයස්කාර ඉතුරුම්කරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම්වලට අමතරව මේ ආකාරයෙන් අවුරුදු සතුට බෙදා හදා ගැනීමට හැකිවීම පිළිබඳව අපට ඉමහත් සතුටක්. මේ සමඟ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට අපට අවස්ථාව උදා වී ඇති අතරම ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වන පාසල් උපකරණ ආදිය ත්‍යාග කිරීමට අප මෙවර කටයුතු සූදානම් කර තිබෙනවා- ඉදිරි වසරවලදී මෙය තවදුරටත් පුළුල්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට අප බලාපාරොත්තු වන අතර ඒ තුළින් අපගේ ආදරණීය ළමා තැන්පත්කරුවන් අඛණ්ඩව දිරිමත් කිරීමට අප අපේක්ෂා කරනවා.” යනුවෙනි.