ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය නවතම Hemas Hospitals primary care බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථානය මීගමුවේ දී විවෘත කරන ලදී. නවීනතම වෛද්‍ය සහ සායනික පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මීගමුව දිසා රෝහල ඉදිරිපිට අංක 130/2/2 යන ලිපිනයෙහි හේමාස් රෝහල් රසායනාගාරයට යාබදව පිහිටා ඇත. සුදුසුකම් සහිත වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් මගින් සෑම දිනකම පැය 24 පුරාවට සේවාවන් ලබාදීම සිදු කෙරේ. නවීනතම වෛද්‍ය පහසුකම්වලින් සමන්විත බාහිර රෝගී අංශයක් මීගමුව ප්‍රදේශයේ විවෘත වන පළමු අවස්ථාව මෙය වේ.
නවීනතම වෛද්‍ය පහසුකම් සහිත Hemas Hospitals primary care බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළදී රෝග රැසක් ආවරණය වන පරිද්දෙන් විශේෂඥ වෛද්‍ය චැනලින් පහසුකම් ලබා ගත හැකි අතර රසායනාගාර පහසුකම් සහ ඖෂධ මිලදී ගැනීමේ පහසුකම් මෙන්ම හේමාස් ශරීර සුවතා ඒකකයකින් ද සමන්විත වේ.