හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වැනි වරටත් පසුගියදා පැවැත්විණි.
සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවැති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල්වල ගුරුවරියන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.
හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාරයක් වන ‘පියවර’ වැඩසටහන ආරම්භ වූයේ 2002 වසරේදීය. ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග අත්වැල් බැඳගනිමින් දියත් කල පියවර ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධන වැඩ රාමුව යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීමයි. දරුවකු සිය ජීවිතයේ තබන මුල් පියවර සංකේතවත් කිරීම සඳහා මෙම වැඩසටහන ‘පියවර’ ලෙස නම්කරන ලදී. දරුවන්ට යහපත් රැකවරණයක් ලබාදෙමින්, ඔවුන්ගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සැපයීම මෙම වැඩසටහනේ මූලික දැක්ම විය.
‘පියවර’ වැඩසටහන යටතේ දිවයින පුරා පෙරපාසල් රාශියක් ඉදිකර, ඒවා අදාළ පළාත් පාලන ආයතන වෙත භාරදී ඇති අතර, එම ආයතන විසින් එම පාසල්වලට නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් පත්කිරීම සහ එම ගුරුවරුන්ට වැටුප් ගෙවීම සිදුකරනු ලබයි. මෙම පාසල්වල සාමාන්‍ය නඩත්තු කටයුතු අදාළ පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලබන අතර, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා හේමාස් අවුට්රීච් පදනම මගින් වාර්ෂිකව ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.