ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වනDIMO, TATA Mortors සමග එක්ව ‘DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 09 සිට 21 දක්වා දිවයින පුරා DIMO – TATA මධ්‍යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ.
මෙම වැඩසටහන මගින් සියලු TATA වෙළෙඳ වාහන පාරිභෝගිකයන්ට ඔවුන්ගේ වාහනය අවම නඩත්තු පිරිවැයක් සහිතව හොඳ තත්ත්වයෙන් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙයි. වාහන ආනයනය කිරීම සීමාකර ඇති වර්තමානයේ පාරිභෝගිකයාගේ දෛනික වැඩකටයුතු පහසු කිරීම මෙන්ම වාහනවල ආයු කාලය වැඩිකිරීමට සහයෝගය ලබාදීමද මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
මෙම වැඩසටහනට සහභාගි වන පාරිභෝගිකයන්ගේ TATA වෙළෙඳ වාහනවල එන්ජිම, ගියර් පද්ධතිය,Differential, Propeller Shaft, Clutch, Suspension, Steering, Brake, Hydraulics, විද්‍යුත් උපාංග, ඉන්ධන පද්ධතිය ඇතුළු තවත් රථ වාහන උපාංග ගණනාවක් ආවරණය වන පරිදි පූර්ණ පරීක්ෂණයක් නොමිලේ ලබාදෙයි. එමෙන්ම එහිදී වාහනයට ලබාදිය යුතු අලුත්වැඩියා සහ සේවා කටයුතු පිළිබඳවද උපදෙස් හා සවිස්තර වාර්තාවක් ලබාගත හැකි වීමද විශේෂ වරප්‍රසාදයකි. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් 2023 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ TATA අමතර කොටස් සඳහා 50% දක්වා වට්ටම් ලබාගැනීමේ හැකියාව ද පවතී.