• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

June 8, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගහපු, ෆයිල් හංගපු බුද්ධි අංශ වාර්තා හංගං හිටපු නිලධාරීන්ව ආරක්ෂා කරලා යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නායකයින් මේ ආණ්ඩුව විසින් හිරගත කරලා. රණවිරුවන්ට බුද්ධි අංශයන්ට නායකත්වය දීපු නිලධාරීන්ව හිරගත කරනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) දින කැකිරාවේ පැවති ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා

අද අපේ හාමුදුරුවනේ මේ ආණ්ඩුවට තියෙන ජනතා විරෝධී න්‍යාය පත්‍රය නිසා ගොවියාට ධීවරයාට කම්කරුවට විරුද්ධව ගන්න තීන්දු තීරණ නිසා අද ගම්වල ජනතාව නැවත වතාවක් ශ්‍රී ලංකාපොදු ජන පෙරමුණ වගේම අප වටා ඒකරාශී වෙනවා. අපි වැඩ කරපු දේශපාලන බලවේගයක් අපි බොරු කියල ඡන්ද ගත්තේ නෑ. අපි හැමදාම අපේ හාමුදුරුවනේ කරන්න පුළුවන් දේ පුළුවන් කිව්වා. බැරි දේ අපි බැහැයි කිව්වා අපි මේ රටේ ජනතාව ගැන හිතලා තීන්දු තීරණ ගත්තා සමහර තීන්දු දේශපාලනික වශයෙන් අපට අවාසි වුණා.

පහුගිය කාලෙ කොවිඩ් 19 වසංගතයේ එනකොට අපිට තීන්දුවක් ගන්න වුණා. ජනතාවගේ ජීවිත බේරගන්නවද එහෙමත් නැත්නම් ආර්ථික කාරණය පමණක් හිතලා ජනතාවට මැරෙන්න ඇරලා බලන් ඉන්නවද කියලා. එදා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව තීරණය කරා අපි ආර්ථික වශයෙන් පීඩාවකට ලක් උනත් ජනතාවගේ ජීවිත බේර ගන්නවා කියලා. ඒ හින්දා අපි ගත්තු හැම තීන්දුවක්ම අපි ගත්තේ සමාජ ව්‍යසනයක් නවත්වන්න. සමාජයේ ගමේ අම්මල තාත්තලගේ ආර්ථිකයන් කඩන් වැටෙන එක නවත්තන්න අමාරුවෙන් අපහසුවෙන් සහන දීලා හරි කර්මාන්තශාලා රැකගෙන ඔබේ දරුවාගේ රැකියාව ආරක්ෂා කරල දෙන්න කන්න දෙකක් අපි පොහොර නිකන් දුන්නා. අපි විශ්වාස කරා ගමේ වැව්වොත් තමයි මේ රටේ ජනතාවගේ කුසපුරවන්න පුළුවන් කියලා ගොවියගෙ බඩට ගහලා අම්මේ තාත්තේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ

අපිත් එක වෙලාවක පොහොර ගැන තීන්දුවක් අරගත්තා. හැබැයි අපි ඔබට වගකීමකින් කියනවා අපි හදන හැම ආණ්ඩුවකම රටේ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම මහපොළොවේ පය ගහපු ගොවි ජනතාව රකින්න අවශ්‍ය හැම පියවරක්ම අපි ගන්නවා.

අද ආණ්ඩුව හිතනවා පිටින් පිටින් ගෙනල්ල කන්න දෙන එක ලාබයි කියලා අපේ හාමුදුරුවනේ ආණ්ඩුවේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් පිටින් ගේන එළවළු පලතුරු හාල් ටික ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ ගොවියව ආරක්ෂා කරන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නෑ. ඒ කාලේ විපක්ෂ ඉන්න කාලෙ නම් ඒ මහත්වරු කුඹුරුවලමයි බැහැලා හිටියේ සමහරක් ගොයම් කෑවා. ඒ දවස්වල මඩ කරන කාලේ මඩ නාගෙන අපිට බැන්නේ. අද වෙනකොට ආණ්ඩුවේ පොහොර පිළිබඳව තීන්දුවක් නෑ. මහ කන්නයට අවශ්‍ය පොහොර ටික දෙන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.

අපේ හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්සිය පනහ ගානේ අවුරුදු දහයක් පොහොර දුන්නා. අද මේ ආණ්ඩුව බලයට ආවේ ගොවීන්ට සහන දෙනවා කියලා. ගොවියට සහන දෙනවා කියලා බලයට ආපු ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට සහන දෙන තැනට පත්වෙලා තියෙනවා. ගොවියාව සම්පූර්ණයෙන්ම අමතක කරලා පොහොර මිටිය 18000 විසි දාහයි 25000ට කලු කඩේ විකිණෙන තැනට මේ රටේ කළු කඩ ව්‍යාපාරිකයන් නිර්මාණය කරලා තියෙනවා. ඒ තුළින් අසරණ වෙන්නේ අහිංසක ගොවි ජනතාව. තවත් පැත්තකින් අද ලෝකෙම අනාගතය ආහාර සුරක්ෂිතතාවයට සූදානම් වෙනවා. අපේ රට මොකක්ද කරන්නේ තවත් රටවලින් ගෙනල්ලා කන්න දෙන තැනට කෘෂිකර්මාන්තය වට්ටනවා. අපි හැමදාම මේ රටේ පැත්තෙන් හිතලා තීරණ ගත්තා.

මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී හිටියා. අපි එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් එක්ක හැප්පුනා .මේ කැකිරාවේ අහිංසක අම්මගේ තාත්තගේ දරුවන් රණවිරුවන් විදියට යුද පිටියට ගිහිල්ලා ජීවිත අහිමි වුණා. අදටත් රටේ ආබාධිත රණවිරුවෝ ජීවත් වෙනවා එදා අනුරාධපුර මායිම් ගම්මානයක් දිස්ත්‍රික්කයක් විදියට කොටි ගම් වලට පැනලා ගෙවල් වලට පැනලා මහා සංඝරත්නය ආගමික නායක අත දරුවන් පවා කපල කොටල මරලා දැම්මා.

ඒ ත්‍රස්තවාදය පරාජය කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවේ අම්මලා තාත්තලගේ දරුවන්ගේ ජීවිත පූජා කරා. ආණ්ඩුවට කටක් කරලා කොන්ද කෙලින් තියන් ඒ රණවිරුවන්ට රණවිරුවන් කියන්න බැරි තැනට වැටිලා තියෙනවා. ආණ්ඩුවේ අවශ්‍යතාවය ඩයස්‌පෝරාවේ න්‍යාය පත්‍රය දැන් සලේව ගෙනල්ලා සුරේෂ් සලේව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ නියමය ජනාධිපතිවරයාගේ සැලැස්ම මොකක්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ ජාතික ලැයිස්තුව හිටපු මහත්තයෙක්ගේ පුතාලා දෙන්න මරාගෙන මැරුණේ පොහොට්ටුවේ එක්කෙනෙක් නෙවෙයි. ජේවීපී එකේ පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට වගකීම් පැහැර ඇරපු නිලධාරීන් අද ආණ්ඩුව ඉහළ තනතුරු දරනවා. ඒ සියල්ලම යට ගහලා යුද්ධය අවසන් කරන්න බුද්ධි අංශයට නායකත්වය දීපු නිලධාරීන්ව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා කාගේ අවශ්‍යතාවයද වුවමනාව ද මේ ආණ්ඩුව ඉෂ්ඨ කරන්නේ කාගේ අවශ්‍යතාවයද.

රටක බුද්ධි අංශය දුර්වල කිරීම තුළ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා යහපාලන ආණ්ඩුව ඒ වැරැද්ද කරගත්තා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධි අංශ නිලධාරීන් හිරගත කරා ඔබට මතක ඇති. අවසානයේ අන්තවාදීන් හිස එසවූවා.

අපේ හාමුදුරුවනේ අන්තවාදීන් හිස ඔසවලා පාස්කු ප්‍රහාරය ඇති කරා එදා ආණ්ඩුව ඒක යට ගැහුවා. එදා ආණ්ඩු පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න නිලධාරීන් ක්‍රියාත්මක වුණේ නෑ. අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ෆයිල් යට ගහපු ෆයිල් හංගපු බුද්ධි අංශ වාර්තා හංගං හිටපු නිලධාරීන්ව ආරක්ෂා කරලා යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට බුද්ධි අංශයන්ට නායකත්වය දීපු නිලධාරීන්ව හිරගත කරනවා. ජනාධිපතිවරයාගේ නියමය කාගේ අවශ්‍යතාවයද ආණ්ඩුව ඉටුකරන්නේ කාගේ අවශ්‍යතාවයද ආණ්ඩු ඉටුකරන්නේ.

අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ යුද බිමට ගියා ජවිපෙ එකේ අය ගියේ නෑ ඒ අය යුද්ධ කරේ 88 89 කාලේ ගමත් එක්ක හමුදාව එක්ක එල්ටීටීඊ එක වගේම තමයි හැබැයි අනිත් පැත්තෙන් අපේ ගම්වල අම්මගේ තාත්තගේ දරුවෝ ජීවිත පූජා කරා අඩුම ගානේ ඒ මහ පොළොවට පස් වෙච්ච ජීවිත වලට වටිනාකමක් දෙන්න එහෙම දෙන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ. ඩයස්පොරාවේ අවශ්‍යතාවය කේන්ද්‍ර කරගෙන රණවිරුවට පහර දෙන්න තමයි හදන්නෙ. ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කරපු එකම රට අපි.

ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කරලා ආර්ථික වර්ධනය සියයට හතකට වැඩි වීගෙන අරගෙන ආපු එකම නායකයා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ඉතිහාසය ඒ නායකත්වය වල දාන්න ඒ රට ජාතිය ආගම ගොඩනගපු මේ රටේ සියලුම ආගම් වල ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හැදුවා. ඉරිසියා කරන වෛර කරන දේශපාලන බලවේගයක් අද රාජ්‍ය පාලනය කරනවා කණ්ගාටුයි දුකයි.

රණවිරුවන් තමන්ගේ ජීවිත පූජා කරල ලබාගත්ත ජයග්‍රහණය මෙහෙම පාවලා දෙනවා දැක්කම දුකයි මිත්‍රවරුණි.

අපි පැහැදිලිව විශ්වාස කරනවා මේ රටේ ගොවි ජනතාව රකින්න ඕන රණ විරුවෝ රකින්න ඕන.

වර්තමාන බදු ප්‍රතිපත්තිත් එක්ක මේ රටේ අහිංසක දෙමාපියන්ට ඒ ක දරාගන්න බෑ ව්‍යාපාර වැහෙනවා.ආණ්ඩුවට අයිති ආණ්ඩුවට හිතවත් ආණ්ඩුවත් එක්ක වැඩ කරන හා පරිමාණ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන්න තීරණ ගන්න ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා. ගමේ ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්න
ගමේ කුඩා ව්‍යාපාරිකයන් ටික රකින්න ගමේ කඩේ පොලේ වෙළඳාම් කරන වෙළෙන්දා ආරක්ෂා කරගන්න මේ ආණ්ඩුවට බෑ. හැබැයි මහා පරිමාණ ව්‍යාපාරිකයන් රකින්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවා.

අනිත් පැත්තෙන් කර්මාන්තශාලා දිනෙන් දින වැහෙනවා වැහෙන කර්මාන්තශාලා ටික ආරක්ෂා කරගෙන රැකියා ටික රැක ගන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ. අද දිනෙන් දින ඒ නිසා මේ රටේ තරුණ පරම්පරාවගේ විරැකියා ප්‍රතිශතය වැඩි වෙනවා පහුගිය කාලේ උපාධිධාරීන්ට ආණ්ඩුව පොරොන්දු වෙලා මැතිවරණය මෙහෙයවූයෙ.ඡන්දකාලේ ගෙයින් ගෙට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක යවපු උපාධිධාරින් රස්සා පිළිබඳව කතා කරනකොට ගහල පන්නනවා.

උසස් පෙළ ලියන දරුවන්ට අද වෙනකොට සිලබස් එක කවර් කරගන්න ආවරණය කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ දරුවන් පිළිබඳව සාකච්ඡා කරලා අපේ හාමුදුරුවනේ දරුවන්ගේ පැත්තෙන් හිතලා තීරණ ගන්න ආණ්ඩුවට මැලි වෙනවා. අද ආණ්ඩුව කියපු බොරුව වහගන්න අපේ අම්මේ තාත්තේ තවත් බොරු කියන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා. ඒ හින්ද අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් බොරු කිව්ව ඇති දැන් බොරු කිව්ව ඇති ආණ්ඩුව කට ඇරියොත් කියන්නේ බොරු.

ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නේද ගමේ ඇවිල්ලා මම බනින්න යන්නේ නෑ. ඒක මං පිළිගන්නේ නෑ ඒක මම විශ්වාස කරන්නේ නෑ. එතුමාගේ ගමනේ මට බැනල වැඩකුත් නෑ. හැබැයි එතුමා අඩුම ගානේ ගෙදර ඉස්සරහා දුම්රිය ස්ථානය හරි හදාගත්තොත් හොඳයි. අඩුම ගාන ඒකවත් හදාගත්තොත් හොඳයි .

දැන් නුවරට කෝච්චි යනවා කිව්වා තාම ඒක නෑ. ඉතිං ඒ හන්දා ජනාධිපතිතුමනි ඔන්න අපි දෙවැනි වතාවටත් ඔබේ ගම ළඟට ආවා මම එනවා. පහුගිය කාලය ආවේ තඹුත්තේගමට දැන් කැකිරාවට මම ආයෙ එනවා. හැබැයි අනේ අඩු ගානේ රේල්වේ ස්ටේෂන් එකවත් හදලා දෙන්න කෝච්චියේ එන්න.

මගේ ආදර අම්මේ තාත්තේ සහෝදරවරුනේ අපි ගම් මට්ටමෙන් ශක්තිමත් වෙමු අපේ අඩුපාඩු ඇති දේශපාලන පක්ෂයක් විදිහට අපි කරපු ගත්තු තීන්දු තීරණ. මේ රට ගැන හිතලා ගත්තු තීන්දු තීරණ සමහර ඒවා දේශපාලනික වශයෙන් සමහරු ජනතාව නොමග යැව්වා අපි කෙරේ වැරදි චිත්‍රයක් මැව්වා. මගේ ආදර අම්මේ තාත්තේ අපි අඩුපාඩු හදාගමු අපි ගමක් විදියට ශක්තිමත් වෙමු අපි ඔබට වගකීමකින් කියනවා අපි කිසි දවසක රටට ජාතියට ද්‍රෝහී වෙන කිසිම ගන්න දේශපාලන බලවේගයක් නෙවෙයි කියලා. අපි ඔබ තමුන්නාන්සේලාට කියනවා අපි මේ රටේ ගොවියා ධීවරයා කම්කරුවෝ ආරක්ෂා කරන දේශපාලන බලවේගයක් වගේම ඔබේ දරුවාගේ අනාගතය නූතන ලෝකයට ගැලපෙන විදියට වෙනස් කරන්න පුළුවන් නූතනත්වය කරා යන නවීකරණය වුණු අනාගතය පිළිබඳව අවබෝධයෙන් කටයුතු යි කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් කියන එක ආඩම්බරයෙන් කියන්න කැමතියි.

මගේ ආදර අම්මේ තාත්තේ මං ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ තමුන්නාන්සේලාට කියනවා මේ තරුණ පරම්පරාව ඔබේ අනාගතය ගොඩනගන්න පුළුවන් ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝකයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් දේශපාලන බලවේගයක් අපි ගොඩනගනවා අපි සාම්ප්‍රදානික දේශපාලනයෙන් ඈත්වෙමූ රටට ලෝකයට ගැලපෙන දේශපාලන න්‍යාය පත්‍රයකට අපි යමු අපිට ගැළපෙන අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගෙන ආගම දහමට අපි ළෙන්ගතුවෙමු අපේ සංස්කෘතිය රැකගෙන අපි ඉස්සරහට යමු ඒ වගේම තමයි ඒ සඳහා නායකත්වය දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් කියන එක තමුන්නාන්සේලාට මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජයවේවා කියමින් සුබ අනාගතයක් පතනවා

SendShareShare
Previous Post

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.