කළුතර දිස්ත්‍රික්කයේ රන් ණය සේවා සඳහා පවතින ඉහළ ඉල්ලුමට පිළියමක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC, සිය නවතම රන් ණය මධ්‍යස්ථානය මතුගම, අගලවත්ත පාරේ, අංක 143හි පිහිටි සිය මතුගම ශාඛාවේදී විවෘත කරන ලදී.
HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා විසින් නව රන් ණය ඒකකය විවෘත කරන ලද අතර, අවම පොලී අනුපාතයක් යටතේ රත්‍රන් සඳහා ක්ෂේත්‍රයේ හොඳම වටිනාකම් පිරිනැමීමටත්, ලේඛන ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් අය නොකරමින් රන් භාණ්ඩ බේරා ගැනීමේදී සුළු කාලයක් තුළ එය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් HNB FINANCE කටයුතු යොදා ඇත.











