• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘එක්සෙල් වර්ල්ඩ්’ ‘ස්නෝ වර්ල්ඩ්’ යළි දියත් කෙරේ…

December 21, 2022
in Business
Reading Time: 2 mins read
A A
‘එක්සෙල් වර්ල්ඩ්’ ‘ස්නෝ වර්ල්ඩ්’ යළි දියත් කෙරේ…
Share on WhatsAppShare on Facebook

හිමකැට විසිරුණු, සීතලෙන් ඇළලූණු, විනෝද රසාස්වාදය මධ්‍යයේ එක්සෙල් වර්ල්ඩ් සිය අතිශය ජනප්‍රිය හිම ලෝකය, ‘ස්නෝ වර්ල්ඩ්’ වසර තුනක විරාමයකින් අනතුරුව පසුගියදා යළි දියත් කරන ලදී. දෙසැම්බර් 12 වැනිදා එක්සෙල් වර්ල්ඩ්හි පැවති මාධ්‍ය සඳහා සුවිශේෂ වූ දියත් කිරීමේ උත්සවයේදී අයිස් කැටවලින් පිරුණු මෙම හිම අවකාශය ජනතාව වෙත විවෘත කෙරුණේ උත්තර ධ්‍රැවයේ නත්තල් සීයාගේ සංචාර සිහිපත් කරවන අත්දැකීමක් ලබාදීම උදෙසා සැකසූ නවාංග රැසක් සමගිනි.

‘ස්නෝ වර්ල්ඩ්’ නැවත විවෘත කිරීම ප්‍රධාන අනුග්‍රාහකයා වන පෙප්සි-කෝ සහ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහක වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්, මුල් පෙළේ මාධ්‍යවේදීන්, එක්සෙල් රෙස්ටුරන්ට්ස් සහ බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

යළි දියත් කිරීමේ උත්සවයද හිමෙන් පිරුණු පරිසරය සිහිගන්වන තේමාවක් අනුව නිර්මාණය කරන ලද අතර සාම්ප්‍රදායික පොල්තෙල් පහන වෙනුවට අයිස් පහනක් දැල්වීම, ‘තූර්යා’, කාන්තා බෙර වාදන වෘන්දය ඉදිරිපත් කළ සිසිලස දනවන සංදර්ශනය, හිමෙන් සපිරි කොක්ටේල් ඇතුළු බොහෝ දෑ ඊට ඇතුළත් විය.

‘ස්නෝ වර්ල්ඩ්’හි සුවිශේෂත්වය වන්නේ මින් පෙර කිසිදා හිමේ අත්දැකීමක් නොමැති සියලු වයස් කාණ්ඩවල අමුත්තන්ට හිම මල් පියල්ලෙන් නවමු අත්දැකීමක් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය වීමයි. ‘ස්නෝ වර්ල්ඩ්’ හිම අවකාශය දෙසැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා හිමකැට අතර, උත්සව සමයේ විනෝදාස්වාදයක් ලබාදීම සඳහා මහජනතාව වෙනුවෙන් දැන් විවෘතයි. මීට අමතරව, එක්සෙල් වර්ල්ඩ් දෙසැම්බර් මාසය පුරාම මුළු පවුල වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ක්‍රීඩා සහ විනෝදාස්වාදයන්ගෙන් සමන්විත උත්සව සැණකෙළියක්ද සංවිධාන කරයි.

මුළු පවුලටම විනෝදාස්වාදය සපයන කොළඹ නගරයේ ජනප්‍රියතම විනෝද උද්‍යානය වන ‘එක්සෙල් වර්ල්ඩ්’ එක්සෙල් රෙස්ටුරන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් මගින් කළමනාකරණය කරනු ලබනු අතර, බ්‍රවුන්ස් සමූහයට අයත් එක්සෙල් රෙස්ටුරන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකෘත සමාගම් සමූහයක් වන LOLC හි අනුබද්ධ සමාගමකි. බ්‍රවුන්ස් සමූහය විදුලි ජනනය, නිවාස සහ කාර්යාල විසඳුම්, කෘෂිකාර්මික සහ වතු වැවිලි සහයක සේවා, ඖෂධ, ආයෝජන, නාවික, නිෂ්පාදන මෙන්ම සංචාරක හෝටල් සහ සත්කාරක සේවා ඇතුළු වේගවත් වර්ධනයක් සහිත ප්‍රධාන පෙළේ ක්ෂේත්‍ර රැසක අගනා සන්නාම රැසක් කළමනාකරණය කරයි.

SendShareShare
Previous Post

කවුරුවත් දන්නෙ නැති කවුරුත් දැනගන්න ඕන ඩයනාගේ හොඳ හොඳ විස්තර ගොඩක් හිරුණිකා එළියට දායි! ඩයනාගෙන් ප්‍රශ්න අහන්න කොන්ද පණ නැති මාධ්‍ය ගැනත් කියයි! (VIDEO)

Next Post

පිළියන්දලදී පොලිස් වීරයා රංගජීවට වෙඩි තිබ්බ පාතාලයාත් ඉන්දියාවේදී අල්ලපු නව දෙනා අතර! නම ආමි අසිත! EXCLUSIVE

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.