ADVERTISEMENT
ඕස්ටේ්‍රලියානු තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග විසඳුම් සමාගමක් වන CN Global (Pty) සමාගම අත්පත් කරගනිමින් සිය ගෝලීය විකාශනය තවදුරටත් ඉහළ නංවාගැනීමට Evolve Technologies සමාගම සමත් වී තිබේ.
මෙම කර්මාන්තයේ වසර 20කට වැඩි කාලයක් නියැළී සිටින CN Global (Pty) Ltd ඉහළ පිළිගැනීමක් සහිත පාරිභෝගිකයන්ගෙන් හා කීර්තිමත් සමාගම් සමූහයන්ගෙන් සමන්විතය.
ඕස්ටේ්‍රලියාවේ CN Global (Pty) Ltd හි සේවා සැපයුම් හා මෘදුකාංග වැඩිදියුණු කිරීමේ ශාඛාව CN Global Lanka (Pvt) Ltd කොළඹ ස්ථාපිත, සේවා නියුක්තිකයන් 35 දෙනකුගෙන් සැදුම්ලත් තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සහිත ආයතනයකි.